මාතලේ විශේෂ - නිමල් ගුණතිලක
එළවළු තොග සැපයුම සියයට 75කින් පහළ ගොස් තිබෙන බව තොග වෙළෙන්දෝ පවසති. පවතින වැසි තත්ත්වය එළවළු සැපයුම අඩාලවීමට බලපෑ බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරව්වල මහතා පැවසීය. ඊයේ (24 දා) දඹුල්ල තොග වෙළෙඳපොළට එළවළු කිලෝ ලක්ෂ 15ට අඩු සීමිත ප්‍රමාණයක් ලැබුණු බව ඔහු පැවසීය.
සති දෙකකට පෙර දිනකට එළවළු කිලෝ ලක්ෂ 40ක ඉක්මවූ තොග ලැබුණ බව පැවසූ සභාපතිවරයා යාපනය වයඹ සහ පහතරට කලාපයෙන් ලැබෙන එළවළු තොග සැපයුම ශීඝ්‍රයෙන් පහළ ගිය බව පැවසීය. බෝංචි, මාළු මිරිස්, සලාද, පූනා මිරිස්, තක්කාලි තොග පසුගිය දින කීපයේ දී වෙළෙඳපොළට නොලැබුණු බව සභාපතිවරයා පැවැසීය.
ලූනු කොළ නොරොච්චෝලේ ප්‍රදේශයෙන් සැපයෙන බවත් යකල්ල ප්‍රදේශයෙන් කැකිරි සහ පිපිඤ්ඤා ලැබෙන බවත් පැවසූ චන්න ඇරව්වල මහතා උඩරට කලාපයෙන් කැරට්, ලීක්ස්, ලැබෙන බව ද පැවැසීය
- Hits: 306