යාපනය චැම්පියන්පත්තු උතුර ප්රදේශයේ නිවසකට පෙරේදා (23 දා) රාත්රී ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් නිවසේ සිටි කාන්තාවගේ හිසට පිස්තෝලයක් තබා බියකොට නිවසේ තිබූ රන් පවුම් 25 ක් හා මුදලින් රුපියල් 80000 ක් පැහැරගෙන ගොස් තිබේ. කාන්තාවගේ හිසට පිස්තෝලය තැබූ අවස්ථාවේදී ඇය බියවී කෑගැසීමට සූදානම් වූ අවස්ථාවේදී එක් අයකු තියුණු ආයුධයකින් ඇගේ ගෙල කපා දමා ඇති අතර බරපතළ ලෙස තුවාල ලබා ඇති එම කාන්තාව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
දිනසේන රතුගමගේ
යාපනය චැම්පියන්පත්තු උතුර ප්රදේශයේ නිවසකට පෙරේදා (23 දා) රාත්රී ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් නිවසේ සිටි කාන්තාවගේ හිසට පිස්තෝලයක් තබා බියකොට නිවසේ තිබූ රන් පවුම් 25 ක් හා මුදලින් රුපියල් 80000 ක් පැහැරගෙන ගොස් තිබේ.
කාන්තාවගේ හිසට පිස්තෝලය තැබූ අවස්ථාවේදී ඇය බියවී කෑගැසීමට සූදානම් වූ අවස්ථාවේදී එක් අයකු තියුණු ආයුධයකින් ඇගේ ගෙල කපා දමා ඇති අතර බරපතළ ලෙස තුවාල ලබා ඇති එම කාන්තාව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම නිවස කොල්ලකෑම සඳහා අට දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණ ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන ලද පලෙයි පොලිසිය චාවකච්චේරි ප්රදේශයේදී එක් සැකකරුවකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පලෙයි පොලිසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.