Divaina - මරණ දඬුවම හිමි වාස් සහ පුතා මැයි 10 දා අධිකරණය හමුවට

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා
 
vs කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ෂියාම් ඝාතන චෝදනාවලට වරදකරුවන් කරමින් මරණීය දණ්ඩනය නියම කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ලබන මැයි 10 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඊයේ (22 දා* බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
 
 මාලබේ තොරතුරු තාක්‍ෂණ ආයතනයේ සිසුවකුව සිටි නිපුණ රාමනායක නමැත්තා අයුතු ලෙස පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීම ඇතුළු චෝදනා යටතේ වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් අටදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා එම නියෝගය කළේය. එම නඩුවේ විත්තිකරුවන් වන ශ්‍යාමලී ප‍්‍රියදර්ශනී ගුණවර්ධන මෙන්ම සෙසු විත්තිකාර පොලිස් නිලධාරීන් පස්දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටි නමුත් රවිඳු ගුණවර්ධන හා වාස් ගුණවර්ධන යන විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන නොතිබිණි.
 
 ඒ අනුව එම නඩුවේ වැඩිදුර විභාගය මැයි 10 වැනිදා පැවැත්වීමට දින නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කළේය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles