Divaina - හෙදියන් දෙදෙනාගේ ‘ෆෝන්’ ඉස්සූ ‘මාලිගාවත්තේ චප්පා’ අත්අඩංගුවට

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 
 phone135කොළඹ ප‍්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියන් දෙපළකගේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන දෙකක් සොරාගත් බවට සැකකරන පුද්ගලයකු 21 වැනිදා අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලිසිය පවසයි.
 
 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  මාළිගාවත්ත ප‍්‍රදේශය පදිංචි 26 හැවිරිදි  ‘මාලිගාවත්තේ චප්පා’ නමැති පුද්ගලයකු බව පොලිසිය කියයි.
 
 කිරුළපන, ඇවරිහේන ප‍්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක හෙද නිලධාරියන් සිව්දෙනකු රැඳී සිටින අතර ඔවුන් කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පෞද්ගලික රෝහලක සේවය කර ඇතැයි පැවසෙයි.
 
 මෙම හෙද නිලධාරිනියන් සිව්දෙනා ලැගුම් හලෙහි නොමැති අවස්ථාවක් බලා එහි පිටුපස දොරෙන් ඇතුළු වී අත් බෑගයක දමා තිබූ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන දෙකක් මෙසේ සොරාගෙන ගොස් ඇතැයි පැවසෙයි.
 
 මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය අස්ථානගත වූ එක් ජංගම දුරකථනයක ‘ලොකේෂන්’ පරීක්ෂා කිරීමේදී ඊට කිරුළපන මයුර කෝවිල ප‍්‍රදේශයේ ආවරණ කලාපයක් පෙන්නුම් කර තිබූ බව පොලිසිය පවසයි.
 
 ඒ අනුව එම ප‍්‍රදේශයේ සිදුකළ ආවේක්‍ෂණ රාජකාරියකින් පසුව සොරාගත් බවට සැක කෙරෙන ජංගම දුරකථන දෙක සන්තකයේ තබාගත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
 රජයේ ලියාපදිංචි ව්‍යාපාරිකයකු වන සැකකරුගේ වැඩිමහල් සොහොයුරාගේ ව්‍යාපාරික කටයුතුවලට හවුල් වෙමින් මාසිකව රුපියල් හැටදහසක වේතනයක් ලබා ඇති සැකකරු එම මුදල් ද අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට වැය කරන බවට දැන ගැනීමත් සමග එම සේවා ස්ථානයෙන් ඉවත් කිරීම නිසා මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් සොයා ගැනීමේ අරමුණින් ජංගම දුරකථන දෙක සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
 
 සැකකරු දිනකට රුපියල් විසි දහසක පමණ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවකු බව ද පැවසෙයි.
 
 මෙම සැකකරු මීට පෙර අවස්ථා තුනකදී අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගතව සිට නිදහස් වූ අයකු බව ද සඳහන්ය.
 
 අත්අඩංගුවට ගත් සැකකරු අලූත්කඬේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
 සිද්ධිය සම්බන්ධයෙන් කිරුලපන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කලූආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රදීප් එදිරිවීර මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක චාමික ජයවීර, පො.සැ (9233* ජයවීර, (37060* සනත් , (61413* තරංග, (66151* කරුණානායක , පො.කො (30574* චන්දික, (37783* විජේතුංග, (68485* සමීර, (70225* කපිල, (71943* බණ්ඩාර, (78686* අරුණ, ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකර ඉදිරි පරීක්ෂණ පවත්වති.

 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles