ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
ආණ්ඩුව වැරදි මගක යනවා නම් ඒක හදන එක අපේ යුතුකම’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත මහතා ‘‘දිවයින’’ ට ඊයේ (22 වැනිදා* පැවැසීය.
කෙසේ වෙතත්, වර්තමානයේ පවතිනුයේ ජනතාවට ඇහුම්කන් දෙන ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීය.
තවදුරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේද කීය.
දැන් තියෙන්නේ ජනතාවට කන්න දෙන ආණ්ඩුවක්, ඒ වගේම ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක්. විපක්ෂයේ කාර්ය භාරය ආණ්ඩුවට මඩ ගහන එක. කොහොම වුණත් ආණ්ඩුව වැරදි මගක යනවා නම් ඒක හදන එක අපේ යුතුකම.
දැන් කාති අධිකරණවලට කාතිවරුන් බඳවා ගන්න යනවා. ඒකට අපි විරුද්ධයි. මේ රටේ එක රටක් එක නීතියක් නම් එහෙම වෙන්න බැහැ.
අනිත් එක නීතිඥවරුන් පොලිසියේ පොලිස් පරීක්ෂකවරුන් ලෙස බඳවා ගන්න හදන එකටත් අපි විරුද්ධයි.
මේ නිසා අපි හැම වෙලාවෙම හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවා. ආණ්ඩුව වැරදි මගක යනවා නම් හරි මගට ගේන්න අපි උත්සාහ කරනවා. කොහොම වුණත් අද ජනතාවාදී ආණ්ඩුවක් තියෙන්නේ. ඒක ජනතාව දන්නවා.
අද විශේෂයෙන්ම කොරෝනාවලින් රටේ ජනතාව බේරාගන්න මේ ආණ්ඩුව කරන විශිෂ්ට සේවාව ගැන ජනතාව දන්නවා. ආණ්ඩුව සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සම`ග එකතු වෙලා කරන අතිවිශිෂ්ට මෙහෙවර මිල කරන්න බැහැ.