කරුණාරත්න ගමගේ
සිය දිවි හානි කරගැනීමේ අරමුණින් රෑ මැදියමේ මහවැලි ඇළකට පැන දියේ ගිලෙමින් සිටි කාන්තාවක රාත්‍රී මුර සංචාරයේ යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් බේරා ගෙන ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
මාදුරුඔය ජලාශයේ සිට කෙත් බිම් කරා දියවර රැගෙන යන ප්‍රධාන ඇළ මාර්ගය වන ඉසෙඞ් ඞී ඇළට පැන මෙසේ සිය දිවි නසා ගැනීමට උත්සාහ දරා ඇත්තේ අරලගංවිල, ගල්තලාව, මැදගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු මවක් බව අනාවරණයවී තිබේ.
මේ වන විට එම කාන්තාව අරලගංවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්වය බරපතළ නොවන බව ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති. රාත්‍රී 11.30ට පමණ ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට අරලගංවිල මැදගම ප්‍රදේශයේදී ඉසෙඞ් ඞී මහවැලි මහ ඇළේ කාන්තාවක දියේ ගිලෙමින් සිටිනු දැක ඇත්තේ අහම්බෙනි. ඔවුහු වහාම ක්‍රියාත්මකවී දිය රකුසා සමග පොර බදමින් සිටි කාන්තාව දියෙන් ගොඩට ගෙන රෝහල් ගතකර තිබේ.
පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇත්තේ එම කාන්තාව සිය සැමියා සමග ඇතිවූ සිත් අමනාපයක් හේතුවෙන් මෙසේ මහවැලි මහ ඇළට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ දරා තිබෙන බවය.
තම ජීවිත අවදානම පවා නොතකා එම දෙදරු මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා ක්‍රියාකර ඇත්තේ අරලගංවිල පොලිසියේ පොලිස් සැරයන්වරුන් වන (50896* ගාමිණී, (43916* සමන්ත සහ පොලිස් කොස්තාපල් (75573* විජිත සහ සිවිල් ආරක්ෂක නියාමක (005656* හර්ෂ යන මහත්වරුන් විසිනි. මෙම වීරක්‍රියාව සිදුකළ පොලිස් නිලධාරීන් කණ්ඩායම පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඕෂාන් හේවාවිතාරණ මහතා ප්රමුඛ දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධාරීන්ගේද පැසසුමට ලක්වී තිබේ.