Divaina - 21 වැනිදා සිට සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් ඇමැති ප‍්‍රසන්න රණතුංග

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

re7 2ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ චමින්ද සිල්වා

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට අනිද්දා සිට රට විවෘත කිරීමට සියල්ල සූදානම් යැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයට සහ සමාජයෙන් සංචාරකයන්ට කොවිඞ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි ගත යුතු සියලූ පියවර ගෙන ඇති බව ද සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක‍්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක් පත්ව ඇති පීඩාව සලකා බලා බව ද ඇමැතිවරයා කීවේය.

පසුගිය දෙසැම්බර් 26 වැනිදා ආරම්භ කෙරුණු සංචාරක නියාමන ව්‍යාපෘතිය යටතේ යුක්රේන සංචාරකයන් 1500කට ආසන්න පිරිසක් මේ වන විට දිවයිනට පැමිණ තිබේ. ඉන් මෙරටට ලැබුණු ආදායම රුපියල් මිලියන 420 කි. එම නියාමන ව්‍යාපෘතියේදී හඳුනාගත් සියලූ අඩුපාඩු සහ ගැටලූ නිවැරදි කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් දිවයිනට ගෙන්වීම සඳහා සියලූ පියවර ගෙන ඇති බවද ඇමැතිවරයා මෙහිදී කීවේය.

21 වැනිදායින් පසු මෙරටට පැමිණෙන සංචාරකයන් සංචාරක බුබුලක් ලෙස ක‍්‍රියාත්මක වීමට නියමිත බවත් මෙරටට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් සැපයීම සඳහා හෝටල් 180ක් පමණ හඳුනාගෙන තිබෙන බවත් ඇමැතිවරයා පවසයි.

මෙම හෝටල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් වේ. සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් අදාළ සහතිකය නොමිලේ ලබාදීමට හෝටල් හිමියන්ට අවස්ථාව සලසා තිබේ. පැමිණීමට පැය 72කට පෙර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්විය යුතු අතර මෙරටට පැමිණීමට ඉඩ ලැබෙන්නේ එම පරීක්ෂණයෙන් කොවිඞ් ආසාදිත නොවන බවට තහවුරු වූ සංචාරකයන්ට පමණි. මෙරටට පැමිණෙන සියලූම සංචාරකයන්ට හෝටල් ගතවීමට පෙර තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකෙරේ. එහි ප‍්‍රතිඵලය පැමිණෙන තුරු ඔවුන් අදාළ හෝටල්වලම රැු`දී සිටිය යුතු බව ද සංචාරක ඇමැතිවරයා කියයි.

එසේම ඔවුන් මෙරටට පැමිණ දින 5-7ත් අතර කාලයේදී මෙම සංචාරකයන් තවත් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්කෙරෙන අතර හඳුනාගත් සංචාරක කලාප 14ක සංචාරක බුබුලක් ලෙස ගමන් කිරීමේ හැකියාව ඔවුන්ට ලැබෙන්නේ ඉන් අනතුරුව බව ද සංචාරක ඇමැතිවරයා කීවේය.

සංචාරකයන් පැමිණෙන හෝටල්වල කර්ය මණ්ඩලවල ද මෙම සංචාරක බුබුලට අයත් වන බැවින් ඔවුන්ටද සාමාන්‍ය සමාජය සමග ගැවසීමට ඉඩක් නැතැයි ද ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා මෙහිදී තවදුරටත් කීවේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (18 දා* සංචාරක ඇමැතිවරයා මේ බව සඳහන් කළ අතර ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැුස්වීම පැවැත්විණි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles