Divaina - දෙමටගොඩ ඛනිජ තෙල් පරිශ‍්‍රයට අයුතු ලෙස ඇතුළුවීම - කොළඹ නාගරික මන්ත‍්‍රී කුලතිස්ස ඇතුළු 10 කට වරෙන්තු

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
court12 1 කශුනි රෙබෙකා
 
 දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ‍්‍රයට 2018 වසරේ ඔක්තෝබර් 28 වැනිදා අයුතු ලෙස ඇතුළුවීම හා අයුතු ජන රාශිය යටතේ චෝදනා ලැබ සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොලඹ නගර සභාවේ නාගාරික මන්ත‍්‍රී කුලතිස්ස ගීගනගේ මහතා ඇතුළු සැකකරුවන් දසදෙනාට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහාර් මහතා විසින් ඊයේ (18 වැනිදා) වරෙන්තු නිකුත් කරන ලදී.
 
 මෙලෙස වරෙන්තු නිකුත් කෙරුණේ සැකකරුවන් නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි. එමෙන්ම එම සැකකරුවන්ගේ ඇපකරුවන්ට නොතීසි නිකුත් කිරීමටද මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
 
 මෙම නඩුවේ පැමිණිලිකරු වන හිටපු ඇමැති අර්ජුන රණතුංග මහතා සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුව යළි අපේ‍්‍රල් 23 වැනිදා කැඳවීමට නියමිතය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles