Divaina - ‘‘මම මෙතැනම මැරෙනවා... ඇමැතිතුමා මගේ දරුවෝයි බිරිඳයි භාර ගන්න’’ - උඩුගම්පොල අඩි 216ක් උස කණුවක් උඩ තරුණයෙක් උපවාසයේ

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p3 2ජෝර්දානයේ සිටින තම බිරිඳ මෙරටට ගෙන්වා දෙන්න යැයි පවසමින් තරුණයකු ගම්පහ උඩුගම්පොළ ප‍්‍රදේශයේ අඩි 216 උසැති දුරකථන කුලූනකට නැ`ගී උපවාසයක් ආරම්භ කර ඇත.

ඉකුත් 16 වැනිදා මෙම තරුණයා දුරකථන කුලූනට නැ`ග මෙම උපවාසය ආරම්භ කර තිබිණි. දුරකථන කුලූන මත සිට දුරකථනයෙන් සිය ගැටලූව ඉදිරිපත් කරමින් ‘‘මගේ බිරිඳ ජෝර්දානයේ මාස නවයක් විතර සිර කඳවුරක ඉන්නේ. එයාව ගෙනත් දෙන්න කියලා මම විදේශ කටයුතු අමාත්‍යාංශයට ලියුමක් භාර දුන්නා. නමුත් එම ලිපිය භාරගත්ත කෙනා ලිපිය බලන්නේවත් නැතිව, බිරිඳව ගෙනත් දෙන්න රුපියල් ලක්ෂ හතරක් ඉල්ලනවා. ඒ ගැන ඇමැතිතුමාට කියපුවාම ඔහු එලෙස සල්ලි ඉල්ලපු හඬපට ඉල්ලනවා. ජෝර්දානයේ තනාපති කාර්යාලයෙනුත් සල්ලි තමයි ඉල්ලන්නේ. මට අවුරුදු විසි හතරයි. ඉන්නේ මීගමුව පිටිපන. ලෙල්ලමේ මාළු පෙට්ටි පටවලා තමයි ජීවත් වෙන්නේ. එක පෙට්ටියක් පටවනවට රුපියල් විස්සක් ලැබෙනවා. එහෙම මට රුපියල් ලක්ෂ හතරක් හොයන්න පුළුවන් ද? මට පපුව අමාරුවකුත් තියනවා. මේ ප‍්‍රශ්නය විසඳලා දෙනකම් මම මෙතනින් බහින්නේ නෑ. මේ උඩම මැරෙනවා. ඇමැතිතුමාට කියන්න මගේ දරුවෝ දෙන්නා හා බිරිඳව භාර ගන්න කියලා.

කඳාන - රුක්මන් පිංතු, වත්තල - සරත් චින්තක

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles