Divaina - කුලියාපිටිය රෝහලේ කොවිඞ් දේහයකට ‘යම යුද්ධයක්’

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

bodyමියගිය අයගේ ඥාතීන් දේහය ආදාහනයට විරෝධය පෑම හේතුවෙන් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ දී මියගොස් තිබූ කොවිඞ් ආසාදත රෝගියකුගේ දේහය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීහු විශාල පිරිසක් පෙරේදා (16 දා* පස්වරුවේ පටන් මැදියම් රැුය වන තෙක් අසීරුතාවයට මුහුණ පෑහ.

* කරුණු පැහැදිලි  කරන්න ගිය  දොස්තරලාත්  පැය ගණනක්  හෙම්බත් වෙති

* දේහය ගැන  තීරණයක් ගන්න  උසාවි යෑමේ තීන්දුවක්

කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ

මියගිය අයගේ ඥාතීන් දේහය ආදාහනයට විරෝධය පෑම හේතුවෙන් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ දී මියගොස් තිබූ කොවිඞ් ආසාදත රෝගියකුගේ දේහය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීහු විශාල පිරිසක් පෙරේදා (16 දා)  පස්වරුවේ පටන් මැදියම් රැය වන තෙක් අසීරුතාවයට මුහුණ පෑහ.

ඉකුත් 15 වැනිදා රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබූ 78 හැවිරිදි දඹදෙණිය, මුම්මාන, වල්පොලමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු එසේ මියගොස් තිබිණ.

අදාළ රෝගියා රෝහල්ගත කිරීමේ දී සිදුකර තිබූ පී.සී.ආර්. පරීක්‍ෂාවෙහි ප‍්‍රතිඵල  16 දා ලැබී තිබූ අතර රෝගියා එදිනම පෙරවරුවේ මියගොස් තිබිණ. එහිදී කුලියාපිටිය ශික්‍ෂණ රෝහල මගින් අදාළ මෘතදේහය සම්බන්ධව සෞඛ්‍ය  මාර්ගෝපදේශ මත කටයුතු කරමින් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි. එමෙන්ම සෞඛ්‍ය අංශ මගින් මේ වන විටත් නිරෝධායනයට ලක්වෙමින් පවතින මියගිය තැනැත්තාගේ පවුලේ ඥාතීහු ගිලන් රථයකින් ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාර පරිශ‍්‍රයට කැඳවා එහිදී මියගිය රෝගියා කොවිඞ් ආසාදිතයකු බව පෙන්වා කරුණු පැහැදිළිකර දීමට කටයුතු කළහ.

කෙසේ නමුත් නීතිමය රාමුව තුළ දේහය භාරගත් බවට කෙරෙන අත්සන් තැබීම පවා ප‍්‍රතික්‍ෂේප කරමින් ඔවුහු ආදාහනය කිරීමට සිය විරෝධය පෑහ. එහිදී මියගොස් ඇත්තේ තම පියා බවත් ඔහු ජීවත්ව සිටිය දී ගින්දරට දැඩි බියක් දැක්වූ බවත් වෛද්‍යවරු හමුවේ දරුවෝ කීහ. තවද ජීවත්ව සිටිය දී දරුවන් සියලූ දෙනාගෙන් අවසන් කැමැත්ත ලෙස මියගිය අය ඉල්ලා තිබුණේ ද මියයෑමෙන් පසුව ආදාහනය නොකරන ලෙස බව ද පැවසූ මියගිය අයගේ ඥාතීහු දේහය තම ආගමානුකූලව සිදුකිරීමට ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

එහිදී කුලියාපිටිය ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප මහතා, වසම භාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සංජය වන්නිනායක, චමල් කල්පන මහත්වරුන්, කුලියාපිටිය පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් හා රෝහල් කාර්යමණ්ඩලය 50කට ආසන්න පිරිසක් එ් හා සම්බන්ධව රටේ පවතින නීතිමය පසුබිම මෙන්ම දේහයෙන් කාන්දුවිය හැකි වෛරස හේතුවෙන් ජීවත්ව සිටින්නන්ට ඇතිවිය හැකි අවදානම ආදී කරුණු පස්වරුවේ සිට මධ්‍යම රාත‍්‍රිය දක්වාම පහදා දුන්න ද මියගිය අයගේ ඥාතීහු සිය මතය වෙනස් නොකිරීම හේතුවෙන් දේහය එලෙසින්ම මෘත

ශරීරාගාරයේ තැන්පත් කිරීමට කටයුතු කෙරිණි.

ඊට අමතරව අදාළ කටයුත්තේ දී මල්ශාලාවක පිරිස මෙන්ම කුලියාපිටිය නගර සභාවේ ආදාහනාගාර පාලකවරුන් ඇතුළු විශාල පිරිසක් මේ හේතුවෙන් මධ්‍යම රාත‍්‍රිය පසුවනතෙක් දැඩි අසීරුතාවයකට මුහුණුපෑහ.

සෞඛ්‍ය නීතිරීතිවලට එක`ග නොවීම හේතුවෙන් මෘත ශරීරය පිළිබඳව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට අධිකරණයේ උපදෙස් ලබාගැනීමට නියමිත බව සෞඛ්‍ය ආරංචි පැවසීය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles