Divaina - ලාභ ලබන ජැටිය පාවාදෙන වැඬේට කිසිම වෘත්තීය සමිතියක් හවුල් වෙන්න එපා - කේ.ඞී. ලාල් කාන්ත

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



lal1* පොළව ඉඹපු නායකයෝ නැගෙනහිර ජැටියෙන් 49%ක් රටට අහිමි කරනවා

* සිරිමාවෝලා රටවල් මෙහේ බින්නබස්ස ගත්තේ නෑ

සිරිමන්ත රත්නසේකර

විකුණා දැමූ ජාතික සම්පත් නැවැත රජයට පවරා ගන්නේ යැයි කී ආණ්ඩුව අද වනවිට ලෝක බලවතුන්ට ඕනෑ නිසා ජාතික සම්පත් විකුණා දමන්නට සිදුව ඇතැයි කියන තැනකට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී ලාල්කාන්ත මහතා (14 දා) සඳහන් කළේය.

තුනෙන් දෙකක ආණ්ඩුවක විධායක බලය අතට ගත් රජෙක් බවට පත්කළ පාලකයෙක් ”දෙන්න වෙලා තියෙනවා” යැයි කීම ආණ්ඩුවේ සැබෑ පරිමාව කියාපාන්නක් බවත් කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී ලාල්කාන්ත මහතා (14 දා) එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කේ.ඞී ලාල්කාන්ත මහතා මෙසේද පැවසීය.

13 වැනිදා විශේෂ දවසක්. ජනාධිපතිවරයා නැගෙනහිර ජැටිය ගැන ආණ්ඩුවේ තීරණය කියන්න වෘත්තීය සමිතිවලට සාකච්ඡුාවක් ලබාදුන්නා. ඇත්තටම එතන සිද්ධ වුණේ සාකච්ඡුාවක් නෙමෙයි. වෘත්තිය සමිතිවල අදහස් ලබාගන්න ආණ්ඩුවේ සූදානමක් තිබුණෙ නැහැ. නැගෙනහිර ජැටිය පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය දැනුම් දෙනු ලැබුවා. ඒ කියන්නෙ වරායේ නැගෙනහිර ජැටියේ අයිතියෙන් 49%ක් ඉන්දියාවටත්, 51%ක් වරාය අධිකාරියටත් ලැබෙන පරිදි ආණ්ඩුව විසින් ගන්නා ලද තීරණයයි. එම තීරණයට වෙනස් පදනමකින් ඉදිරිපත් කරන අදහස් වැඩක් නැති බව එතනදී වෘත්තීය සමිතිවලට කියා තිබුණා.

වරාය විකුණනවද, බදු දෙනවද, නිකන් දෙනවද, පරිත්‍යාග කරනවද වගේ වචන හරඹ වැඩක් නැහැ. හම්බන්තොට වරායත් චීනයට දුන්නා. ඒක විකුණුවෙ නෑ, බදු දුන්නා කිවුවා. ඒත් අවුරුදු 99කට අයිතිය අහිමි කළා. කොළඹ වරායේ දකුණු ජැටිය චීනයට දුන්නා. දැන් ඒක චීන කොලනියක් වෙලා. මීළඟට නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්නෙ නැහැ කියනවා. ආයෝජනයක් විතරයි කියනවා. ඒත් බදු දුන්නාට, පරිත්‍යාග කළා කිවුවට, දන් දුන්නා කිවුවට වචන හරඹවලින් වැඩක් නැහැ. දැන් වරාය අධිකාරියට තිබුණු 100%ක අයිතිය අහිමි කරන්න යනවා. එයින් 49%ක් රටට ජනතාවට අහිමි කරන්න යනවා. මේ අහිමි කරන්න යන්නේ ලාභ ඉපිදවිය හැකි ජාතික සම්පතක්. වෘත්තීය සමිතිවලට පිළිගන්න කියන්නේ මේකයි. ඒකට එකඟවෙලා යෝජනා ඉදිරිපත් කරන්න කියනවා. දැන් කිසිම වෘත්තීය සමිතියක් මේ පාවාදීමට හවුල් වෙන්න එපා කියලා අපි ඉල්ලනවා.

13 වැනිදා සාකච්ඡුාවෙන් හෙළිදරව් වූ දෙවැනි කරුණ වන්නේ හම්බන්තොට වරාය චීනයට දීපු නිසා නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න වෙලා තියෙනවා කියලා ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කිරීමයි. මේක කරගෙන යන්න සල්ලි නෑ, තාක්ෂණය නෑ කියලා කියන්නෙ නැහැ. වරාය වෘත්තීය සමිති, ඉංජිනේරුවන් එය වරාය අධිකාරිය යටතේ තබාගෙන සංවර්ධනය කරන ආකාරය දැනටමත් පෙන්වා දී තිබෙනවා. දැන් කියනවා, භූ දේශපාලනය නිසා දෙන්න වෙලා තියෙනවා කියලා. බලයට එන්න කලින් කිවුවෙ දුන්න ඒවත් ගන්නවා කියලා. දැන් කියනවා ලෝක බලවතුන්ට ඕනෑ නිසා දෙන්න වෙනවා කියලා. ගෝඨාභයට චරිත දෙකයි නෙමෙයි දිව දෙකයි. තුනෙන් දෙකක ආණ්ඩුවක් තියෙන, විධායක බලය අතට ගත්තු, රජෙක් බවට පත්කරපු පාලකයෙක් අපිට කියනවා දෙන්න වෙලා තියෙනවා කියලා.

කලින් සෝවියට් සහ ඇමරිකාව වගේ බල කඳවුරු දෙකකට ලෝකෙ බෙදිලා තියෙද්දි සිරිමාවෝ ඇතුළු කලින් හිටපු පාලකයන් ඒ කඳවුරුවල කොටස්කාරයො වුණේ නැහැ. ඒ රටවල් මෙහෙ බින්නබස්ස ගත්තෙ නැහැ. ඒත් ජේ.ආර්. මේ රට ඇමරිකානු කොලනියක් කරන්න හැදුවා. ඒත් වමේ බලවේග ඇතුළු ප‍්‍රගතිශීලී ජනතාවගෙ විරෝධය නිසා ඒක සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඊට පස්සෙ ඉන්දියානු හමුදාව ගෙන්නගෙන මේක ඉන්දියානු කොලනියක් කරන්න හැදුවා. දහස්

ගණන් ජීවිත පූජා කරපු දේශපේ‍්‍රමී අරගලයකින් පස්සේ ඉන්දියාව පසුබස්වන්න පුළුවන් වුණා. දැන් ඉන්දියාවයි ඇමරිකාවයි එක පිලක හිටගෙන. චීනය නව ලෝක බලවතෙක් වී තිබෙනවා.

චන්ද්‍රිකා හා රනිල්ගේ මුල් ආණ්ඩු කාලයේ රටෙන් මතු වූ විරෝධය නිසා බලවතුන්ට මෙහෙ බින්න බැහැගන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ කාලෙදී ශ‍්‍රැන්ග‍්‍රිලාට වටිනා ඉඩම් දීලා චීන බලවතාට බින්න බැහැගන්න අවස්ථාව ලබා දුන්නා. 2015 බලයට ආපු රනිල් චීන ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ගියා. හම්බන්තොට වරාය 99 අවුරුද්දකට රටට අහිමි කළා. රටට ආදරෙයි කියලා පොළොව ඉඹලා ආපු රාජපක්ෂලා දැන් රට ලෝක බලවතුන්ට කොටස් කර බෙදනවා. මේ විදිහට බෙදන්න ගියොත් ඇමරිකාවත් අපිටත් කොටසක් ඕනැ කියන්න පුළුවන්. ති‍්‍රකුණාමල වරාය ඉල්ලන්න ඉඩ තියෙනවා.

රට යා යුතු මාවත මේක නෙමෙයි. සියලූ වරායවල් රටේ අයිතියට හිමි විය යුතුයි. කළ යුත්තේ හම්බන්තොට චීනයට දුන් නිසා කොළඹ ඉන්දියාවට දෙන එක නෙමෙයි, හරිනම් හම්බන්තොටින් චීනයටත් යන්න කියන එකයි. අපේ රටට ආදරෙයි නම්, අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා වෙනවට කැමතිනම් වරාය පරිත්‍යාගයක් විදිහට අපිට දෙන්න. අපිත් එහෙම ඉල්ලනවා. ලෝකෙ රටවල් එහෙම කරලා තියෙනවා. දැවැන්ත කර්මාන්ත ශාලා අපිට පරිත්‍යාග විදිහට දීලා තියෙනවා. චීනයටත් එහෙම කරන්න පුළුවන්. ඉන්දියාවෙනුත් ඉල්ලන්න ඕනේ මේක චීනයෙන්

ඉල්ලගන්න අපිට උදව් කරන්න කියන එකයි. නැතුව හිලව්වට රටේ සම්පත් දෙන එක නෙමෙයි.

දේශපේ‍්‍රමී කථා කියමින් ජනතාව රවට්ටලා  ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාපු අය අද නිහඬ ඇයි?

නැගෙනහිර ජැටියේ 100%ක අයිතිය බේරා ගැනීම වෙනුවෙන් පෙරට එන්න කියලා අපි වෘත්තීය සමිතිවලට හා ප‍්‍රගතිශීලී ජනතාවට ආරාධනා කරනවා. අපි කියන්නේ මෙය රටේ අයිතිය යටතේ තබාගනිමින් සංවර්ධනය කරන ආකාරය ගැන ජාතික කතිකාවක් ආරම්භ කරන්න. විවිධ දේශපාලන අදහස්, වෘත්තිය සමිති ලෙස බෙදීම් සියල්ල පසකට දමා සියලූ දෙනාට මෙම අයිතිය බේරා ගැනීමේ සටනට තමන්ගේ පාර්ශ්වයෙන් කළ හැකි සියලූ දේ කරමින් දායක වන ලෙස ඉල්ලනවා. අපි ආණ්ඩුවට කියන්නේ පාවාදීමේ මාවතේ ඉදිරියට යන්න සූදානම් වෙන්න එපා. ජනතාවගේ හඬට කන් දෙන්න කියලා. එහෙම නොවුණොත් ජනතාවත් එක්ක විකිණීමට එරෙහිව යෝධ පවුරක් ගොඩනගන්න අපි කටයුතු කරනවා.

වරාය අධිකාරිය විසින් මෙම ජැටිය නවීකරණය කළා. මෑතකදී තමයි විවෘත කළේ. විශාල ආදායමක් ලබමින් තිබෙනවා. නැගෙනහිර ජැටිය පාඩුයි, වරාය අධිකාරියට කරගෙන යන්න බැහැ කියන කතාවක් අදාළම නැහැ. ආණ්ඩුව පිළිගන්නවා වෙන දේශපාලන තත්වයක් මත තමයි ඉන්දියාවට දෙන්න වෙන්නේ කියලා. පහුගිය ආණ්ඩුවේ වැඩ නිසා දෙන්න වෙනවා කියන්නේ ලෝක බලතුලනය නිසා අපේ රටට මුහුණ දෙන්න වුණ තත්වයක්. රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියම තමයි වෙනත් රටවල් අපේ දේශපාලන බල තුලනයට ගෙනත් දාගත්තේ. හම්බන්තොට වරාය වුණත් පාඩු ලබනවා නම් අපි ආයෝජකයා ලෙස තෝරගත යුත්තේ චීනය නෙවෙයි. අපි කටයුතු කළ යුත්තේ නොබැ`දි පිළිවෙතට. නමුත් චීනය අපේ භූමියට වැද්දගත්තා. ඉන්දියාවයි, චීනයයි අපේ රටට ඇතුළු වෙලා ඉවරයි. අපිව කොටුකර ගෙන ඉවරයි. වැරැුද්ද කළේ අපේ රටේ පාලකයෝ. ලාභ පාඩු ප‍්‍රශ්නය අපිට විසඳගන්න පුළුවන්. පාඩු ලබනවා නම් බලවත්තු එක්ක පටලගන්නේ නැතුව වෙනත් රාජ්‍යයක් සමඟ මේ වැඬේ කරන්න. දැනටත් කොළඹ වරායේ බටහිර කොටස සංවර්ධනය කරල නැහැ. ඒක සංවර්ධනය කරන්න පුළුවන්. ඇයි

නැගෙනහිර ජැටියටම රිංගන්නේ. අපි කියන්නේ චීනයයි, ඉන්දියාවයි, ඇමරිකාවයි මේ වැඬේට ගාවගන්න එපා. අපේ රටේ දේශපාලනයට මේ රටවල් තමයි ඇඟිලි ගහන්නේ. මේ තුනෙන් අපි බේරෙන්න ඕනෑ. තව ලෝකේ ඕනෑ තරම් රටවල් තියෙනවා. ලෝක බලතුලනයට අහුනොවෙන්නයි අපේ විදේශ ප‍්‍රතිපත්තිය තියෙන්න ඕනෑ. ආණ්ඩුවට කොන්දක් නැහැ ඒකට.

මේ දෙගොල්ලන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය එකයි. එක පැත්තක අපේකම, ජාතිවාදය ආගම්වාදය, දේශපේ‍්‍රමය. අනෙක් පැත්තේ ලිබරල් ලයින් එක. නමුත් ආර්ථික ප‍්‍රතිපත්තිය දෙකම එකයි. රනිල් වික‍්‍රමසිංහ ඇතුළු යහපාලන විගඩම විදේශ රටවල් අපේ රටේ බින්න බස්සගන්න මූලික වුණා. ඒ අනුව තමයි හම්බන්තොට වරාය චීනයට අනූනව අවුරුද්දකට බදු දුන්නේ.

¥ෂිතයින්ට ¥ෂිතයෝ ඕනෑ. ඒ නිසා තමයි අදානි සමාගම තෝරගන්න ඇත්තේ. මේ ආණ්ඩුවත් ගනුදෙනු කරන්නේ ¥ෂිතයන් එක්ක. අපි මෙතන ප‍්‍රශ්නය ලෙස ගන්නේ දෙන ආයතනය ¥ෂිත ද නැද්ද? කළු ද සුදු ද යන්න ගැන නෙවෙයි. අපේ මූලික මාතෘකාව වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය 100% අපි සතුව තබා

ගැනීම. වරාය 49% දුන්නම අපිට ඒ අයිතිය නැතිව යනවා. දෙන ආයතනය ¥ෂිත ද නැද්ද කියන කාරණය ගැන ජනතාව දැනුවත් කිරීමත් ජනමාධ්‍ය ඇතුළු අපේ වගකීමක්.
 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles