මයික්‍රෝ වර්ගයේ පිස්තොලයක්, මැගසින් 01ක් උණ්ඩ 07ක් සමග අත්අඩංගුවට ගනු ලැබූ ව්‍යාපාරිකයකු ඊයේ (13 දා* ගාල්ල ප්‍රධන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ රත්ගම, කපුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය විසින් මෙකී සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා දින 03ක රැුඳවුම් නියෝගයක් ලබා දෙන ලෙස මහෙස්ත්රාත්වරයාගෙන් ඉල්ලිමක් කරනු ලැබීය. සැකකාර පුද්ගලයා ජනවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මෙකී සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කටයුතු සිදුකරන ලෙස පොලිසියට නියෝග කළේය.
මෙකී ව්‍යාපාරිකයාගේ අලූතින් ඉදිකර ගෙන යන නිවසේ පිටුපස වළදමා තිබියදී මෙම මයික්‍රෝ පිස්තොලය, මැගසිනය හා උණ්ඩ 07 විශේෂකාර්ය බළකා විශේෂ මූලස්ථාන මෙහෙයුම් ඒකකය මගින් සොයාගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු බස්රථ ව්‍යාපාරිකයකු මෙන්ම ධීවර බෝට්ටු හිමි අයකු බව විශේෂ කාර්ය බළකා මෙහෙයුම් ඒකකය පවසයි. අත්ඩංගුවට ගත් සැකකරුට මීට පෙර වෙඩි වැදී ඇති බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.
ගාල්ල ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි