Divaina - යන එන මං නැති පේරපිටිය වැසියෝ තාමත් තවලම් යුගයේ

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
p14 9 1 * රජයෙන් රැකියා එපා, අපි ඉල්ලන්නේ අපේ පාර හදලා දෙන්න කියලයි
 
 බෝගොඩ - රත්නායක සහ මඩොල්සිම- කපිල ගුණවර්ධන
 
 බදුල්ල දිස්ත‍්‍රික්කයේ පස්සර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට අයත් සඝ‍්‍රි‍්‍රීක කෘෂිකාර්මික ගම්මානයක් වන මඩුගස්තලාව පේරපිටිය ගම්මානයට යාමට මේ වන තුරුත් ගමට පාරක් නොමැති වීමෙන් එම ගම්වාසීහු දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
 
 මෙතෙක් කළක් රට පාලනය කළ සියලූ පාලකයින්ට කතිරය ගැසීමේ අනුහසින් අධිවේගී පාරවල් ගැන රස කතා උදේ සිට මාධ්‍යයන් තුළින් අසමින් දකිමින් තවලමක බඩු පටවාගෙන පයින්ම නගරයට යෑමට තමන්ට සිදුව ඇතැයි ඔවුහු පවසති. ඒ අනුව පස්සර නගරයේ සිට කිලෝමීටර් නවයක් පමණ බස් රථයකින් මඩුගස්තලාව දක්වා පැමිණ එතැන් පටන් සිය බඩුමලූ කර තබාගෙන දියකඳුරු තරණය කරමින් පයින්ම ගමට යන පේරපිටිය වැසියෝ තම අස්වනු නගරයට ගෙන එන්නේ කරබරින් හෝ තවලමක පටවාගෙනය. විශේෂයෙන් එම ප‍්‍රදේශයේ පාසල් දූ දරුවන්ට දිනපතා කිලෝමීටර් 8- 10 ක් පමණ දුෂ්කර මාර්ගයක පාගමනින්ම යෑමට ඒමට සිදුවීම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට පවා විශාල බාධාවක් බව ගම්වාසීහු පවසති.
 
 p14 9 2ඞී.එම්.චන්ද්‍රදාස මහතා,
 
 පේරපිටිය කියන්නේ හොඳ සාරවත් ගමක්. ගමේ හැම වත්තකම වාගේ හොඳට ගම්මිරිස් තියෙනවා. යායේ වී අස්වැන්නත් සරුයි. ඒත් පාරක් හරියට නැති නිසා අස්වැන්නක් වුණත් ටවුමට ගෙනියන්නේ තවලමක පටවලයි. ගමේ සිට මඩුගස්තලාවට එක කිලෝවකට රුපියල් 15- 20 ක් ගන්නවා. එතැන ඉඳලා ත‍්‍රිරෝද රථයක හෝ අරන් යන්න තවත් දාහක් හමාරක් යනවා. එහෙම වියදම් කළාම ඒ මහන්සියෙන් අපට පලක් නෑ. ඒ යන පාරෙත් දිය කඳුරු තුනක් තිබෙනවා. ඒවාට පාලම් නැතිව වැසි කාලයේ නම් කොහොමවත් ඒවායින් එහා මෙහා යන්න බෑ. අපි රජයෙන් රැුකියා හෝ වෙනත් කිසි දෙයක් ඉල්ලන්නේ නෑ. අපේ පාර හරියට හදා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.
 
 ටී.ජී.ජයන්තා මැණිකේ මහත්මිය,
 
 හදිසියකට නගරයට යෑමේදී, ළමයින් පාසලට යෑමේදී හදිසි ලෙඩක් දුකක් වුණු වෙලාවක අපි පුදුම දුකක් විඳින්නේ. පාන්දරම පාසල් යන ළමයි එනකොට හැන්දෑ වෙනවා. දැන් කාලෙ පොඩි දරුවන් මේ පාළු පාරවල්වල කිලෝ මීටර් තුන හතරක් පයින් යැවීමම කොච්චර අවදානමක්ද. හදිසි අසනීපයක් වුණොත් මරාපු සතෙක් ගෙනියනවා වගේ කදක බැඳගෙනයි මඩුගස්තලාවට යනකල් අරන් යන්නේ. පස්සරට කිලෝමීටර් 15 ක විතර දුරින් හිටියත් තාමත් කැළෑගමක වගේ අපි දුක් විඳිනවා. ඒ නිසා මේ රජයෙන් හරි අපට පාර හදා දෙනවානම් ලොකුම පිනක්.
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles