* වෙත්තුචේන ගම්මානය ගංවතුරට යටවීමෙන් දෙසීය හැටහතකට උන්හිටිතැන් අහිමිවෙලා
මඩකලපුව - ටී. එල්. ජව්ෆර්කාන්
මඩකලපුව දිස්ත්‍රික්කයට වැටෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශවාසී ජනතාව පීඩාවට පත්ව සිටිති. ගංවතුරෙන් පහත්බිම් රැුසක් හා මාර්ග රැසක් යටවී තිබේ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ පඩුවාන්කරයි ප්‍රදේශයේ වෙත්තුචේන ග්‍රාමය ගංවතුරෙන් යටවී ඇත. බොහෝ නිවාසවල් ගංවතුරෙන් යටවීමෙන් දේපළවලට හානි සිදුවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. එම ග්‍රාමයේ වගා බිම් රැුසක් ජලයෙන් යටවී තිබේ. වෙත්තුචේන ගම්මානයේ සියලූ ගමන් මාර්ගය මුළුමනින්ම ජලයෙන් යටවී ඇති අතර එදිනෙදා අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොහැකිව ජනතාව දැඩි අපහසුතාවන්ට පත්ව සිටිති. පවුල් 89 ක 267 දෙනෙකු මෙලෙස පීඩාවට පත්වී සිටියි. ගංවතුරෙන් පීඩාවට ජනතාව සොයා බැලීමට ගිය ග්‍රාම නිලධාරියා ජලයෙන් ගසා ගෙන යෑමෙන් ගසක අත්තක එල්ලීමෙන් තම ජීවිතය අනූනවයෙන් බේරාගෙන ඇත. එහිදී වටිනා ජංගම දුරකථන දෙකක්, බැංකු කාඞ්පත, දිනපොත ඇතුළු වටිනා ලියකියවිලි රැුසක් ජලයේ ගසාගෙන ගිය බව හෙතෙම පැවසීය. ගංවතුරෙන් පීඩාවට පත් වෙත්තුචේන ග්‍රාමයේ ජනතාවට පිසූ ආහාර යාන්ත්‍රික බෝට්ටු මගින් ලබාදීමට පෝරතිව් ප්‍රදේශීය ලේකම්වරයා කටයුතු කර තිබිණි.
- Hits: 263