Divaina - ආරක්ෂක වැටට උඩින් පැන පාර මාරුවීමට ගිය යාචකයා මෝටර් රථයක ගැටී මරුට

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
bagger1 ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක - බණ්ඩාරගම
 
 මොරටුව, පානදුර අතර එගොඩඋයනේ ගාලූපාර මැද පිහිටා තිබෙන ආරක්‍ෂක වැටට උඩින් පැන පාර මාරුවීමට උත්සාහකළ පුද්ගලයකු ඊයේ (13 දා) උදේ මෝටර් රථයක ගැටී මියගොස් ඇතැයි එගොඩඋයන පොලිසිය කියයි.
 
 අනතුරින් මියගොස් ඇත්තේ එගොඩඋයන හන්දිය අසල බස්නැවතුම් පලේ රැඳී සිටි අවුරුදු 60 ක් පමණ වයසැති යාචකයෙකි. එදින උදෑසන 6.00 ට පමණ පානදුර දෙස සිට මොරටුව දෙසට මෝටර් රථය ගමන්කර ඇති අතර එගොඩඋයන ප‍්‍රදේශයේ මාර්ගය මැද දුපත් කොටසේ ඇති ආරක්‍ෂක වැටට උඩින් පැන පාර මාරුවීමට උත්සාහ දරා ඇති පුද්ගලයා මෝටර් රථයේ ගැටී අනෙක් මංතිරුවට විසිවී තිබේ.
 
 අනතුරින් ගෙලට බරපතළ තුවාල සිදුව එතැනම මියගොස් ඇති බවත් පානදුර මුලික රෝහලේ තැන්පත් කර ඇති මෘත දේහය පීසීආර් පරීක්‍ෂණයකට යොමුකිරීමට නියමිතව තිබිණි. මෝටර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිිබිණි. එගොඩඋයන පොලිස්
 
 ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අනිල් මාසකෝරිල මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ කොස්තාපල්වරුන් වන අරුණසිරි (61808), දිල්හාර (70774) සහ දසනායක (67236) පරීක්‍ෂණ පවත්වති.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles