Divaina - දැරියට අතවර කළ බාප්පාට වසර 12ක සිරදඬුවම් - රු. ලක්‍ෂ පහක වන්දියක් ගෙවීමටත් නියෝග

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

dusana3දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

එකොළොස් හැවිරිදි දැරියක් රවටා අවස්ථා කිහිපයකදී අතවර කිරීමේ චෝදනාවට හම්බන්තොට මහාධිකරණයේදී වරදකරු මවගේ දෙවන සැමියාට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසින් බරපතළ වැඩ සහිතව දොළොස් වසරක සිරද`ඩුවමක් නියම කළේය.

මීට අමතරව රුපියල් විසි පන්දහසක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ පහක වන්දියක්ද ගෙවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම රුපියල් විසි පන්දහසේ දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඩුවමක් හා රුපියල් ලක්ෂ පහක දඩ මුදල නොගෙවන්නේ නම් එයට තවත් වසර දෙකක සිර ද`ඩුවමක් ද නියම කෙරිණි. මෙසේ සිරද`ඩුවම් හා දඩ මුදල් නියම වූයේ දැරියගේ මවගේ දෙවන සැමියා වූ දැරියගේ බාප්පා වන හතළිස් අට හැවිරිදි අයකුටය.

දැරිය ලිංගික අතවරයට පත්ව ඇත්තේ 2000 වසරේ දෙසැම්බර් මස 01 වන දින හා ඊට ආසන්න දිනයක වන අතර ඒ වනවිට දැරිය හතර වසරේ ඉගෙනුම ලබමින් සිටි අසිසුවියකි. මේ වනවිට එම දැරිය විසි හැවිරිදි තරුණියකි. නඩු විභාගයට අනුව විත්තිකරු විසින් දැරිය නිවෙසට ගෙන්වාගෙන අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක්කර ඇති අතර සිද්ධිය දැනගත් මව විසින් මේ පිළිබදව අම්බලන්තොට පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත. එම පැමිණිල්ලට අනුව දැරියගේ බාප්පා වන චුදිතයා අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් අධිචෝදනා 03 ක් යටතේ සැකකරුට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පැවැරිණි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles