බම්බලපිටිය මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට වසර 134 ක් පිරීම නිමිත්තෙන් හෙට (14 වැනිදා* බෝධි පූජා පිංකමක් සහ ධර්ම දේශනයක් පැවැත්වේ.
බම්බලපිටිය වජිරාරාමවාසී සුඛිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පස්වරු 3.00 ට මෙම බෝධි පූජා පිංකම පැවැත්වෙන අතර එය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පැවැත්වීමට විදුහල්පතිනි සුමේධා ජයවීර මහත්මියගේ උපදෙස් මත පාසල් කළමනාකරණ මණ්ඩලය, මාධ්‍ය ඒකකය බෞද්ධ සංගමය, ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධන සමිතිය පියවර ගෙන ඇත.
50ක් වැනි සීමිත පිරිසක් සහභාගී කරවාගෙන මෙම පිංකම පැවැත්වෙන අතර එය (ZOOM) තාක්ෂණය ඔස්සේ සජිවීව විකාශය කිරීමට පියවර ගෙන තිබේ. මෙම පිංකමට සමගාමීව විදුහල්පතිනිය විසින් රචිත නොදුටු පාසල කෘතියද එළිදැක්වීමට නියමිතය.