නිවිතිගල - ධර්මසිරි ජයවර්ධන
නිවිතිගල උඩකරවිට ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක කාන්තාවකට යකඩ පොල්ලකින් පහරදී තියුණු ආයුධයකින් කපා මරාදමා ඇගේ මවට බරපතල තුවාල සිදුකොට අපරාධකරුවන් පලාගොස් තිබේ. 10 වැනිදා මෙය සිදුව තිබේ.
ඝාතනයට ලක්වී ඇත්තේ ජාගොඩගේ දුලිකා නැමැති කාන්තාවකි. බරපතල තුවාල ලැබු 57 හැවිරිදි කාන්තාව රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
කරවිට පරණවත්ත පනුගල් පොත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතරේ පවතින ඉඩම් ආරවුලක් මෙම ඝාතනයට හේතුවී තිබේ. මේ පිළිබඳ නිවිතිගල පොලිසිය වෙත වරින්වර ලැබෙන පැමිණිලි හේතුවෙන් ආරවුල් ඇති නොකරගන්නා ලෙස අවවාද කර දෙපාර්ශවයේම ඇ`ග බැද සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය කටයුතු කර තිබියදී එක් පාර්ශවයක පිරිසක් ඒ අසල ඇති අනික් පාර්ශව කරුවකුගේ නිවසට ගොස් ඒ අවස්ථාවේදී එහි සිටි මවට හා ඇගේ දියණියට පහරදී තිබේ. එහිදී 29 හැවිරිදි දියණිය එම ස්ථානයේදී මරණයට පත්ව ඇත. බරපතල තුවාල ලැබූ 57 හැවිරිදි මවද මේ වන විට අසාi තත්ත්වයෙන් පසුවෙයි.
රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත් ගාමිණි පුෂ්පකුමාර මහතා මේ සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂණ සිදු කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. තවත් කීපදෙනෙකු ප්‍රදේශය හැරගොස් ඇත. එම පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෘත ශරීරය රත්නපුර අධිකරණ වෛi නිලධාරි වෙත යොමුකර තිබේ. නිවිතිගල පොලිසිය වැ/බ ස්ථානාධිපති පුෂ්පකුමාර, උ. පො. ප. පේ‍්‍රමරත්න, පො. සැ. නන්දසේන යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.
- Hits: 487