Divaina - අනියම් බිරිඳගේ කැති පහරින් අටදරු පියා මරුට

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 මහියංගණ - රංජිත් කරුණාවීර
 
 piya222මහියංගනය කෙසෙල්පොත උතුර යාය 11 ප‍්‍රදේශයේ දී අනියම් සැමියාට කැත්තකින් පහරදී ඝාතනය කළ බවට සැකපිට අනියම් බිරිඳ මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතනය සිදුව ඇත්තේ පසුගිය 9 දින රාත‍්‍රි 10.30ට පමණය. සිද්ධියෙන් පහර කෑ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
 
 මෙසේ මියගොස් ඇත්තේ 61 ක් හැවිරිදි දරුවන් අට දෙනෙකුගේ පියකි. ඔහු ප‍්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකු සමගද අනියම් ඇසුරක් පැවැත් වූ අයකු බවත්, මියගිය අයගේ බිරිඳ වසර කිහිපයකට ඉහතදී මියගොස් ඇති බවට සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත. ඝාතනය වු පුද්ගලයා ඒ වන විට රැුඳී සිට ඇත්තේ ඔහුගේ දියණියගේ නිවසෙහිය.
 
 අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව 39 වන වියේ පසුවන දෙදරු මවකි. අත්අඩංගුවට පත් කාන්තාව හා මරණකරු අතර දිගු කලක පටන් අනියම් ඇසුරක් තිබෙන්නට ඇති බවත්, දෙදෙනා අතර කලක් පැවති ආරාවුල දුරදිග ගොස් මෙම ඝාතනය සිදුවන්නටට ඇති බවට පොලිසිය සැක පළ කරයි. මරණකරුගේ අනියම් බිරිඳ, මරණකරුගේ දියණියගේ නිවස ආසන්නයේ පදිංචිකාරියකි.
 
 ඝාතනය සම්බන්දයෙන් දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරී ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර මහියංගන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ජේ. ඒ. ආර්. එල්. සේනාධීර මහතා යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ඩබ්ලිව්. එම්. රසික දසන්ත වීරකෝන් මහතාගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් සැරයන් (47144* කිත්සිරි, (10931* තිලක්, (10097* වැවේගෙදර, (6356* දනුෂ්ක, (66024* ජයසේකර, පොලිස් කොස්තාපල් (71610* දනුක, කාන්තා පොලිස් කොස්තාපල් (7717* ඉනෝකා යන පොලිස් නිලධාරි කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles