Divaina - බෞද්ධ සිද්ධස්ථානය බලහත්කාරයෙන් අත්පත් කරගත් - වවුනියාවේ වෙඞ්ඩුක්කුනාරිමලෙයි ලිංගේස්වර කෝවිල් බාරකරුවන් දුටු තැන අල්ලන්න වරෙන්තු

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

court1වවුනියාව නෙඩුන්කේණී වෙඞ්ඩුක්කුනාරිමලෙයි බෞද්ධ සිද්ධස්ථානය බලහත්කාරයෙන් අත්පත් කරගෙන එහි ආදී ලිංගේස්වර කෝවිල නමින් හින්දු කෝවිලක් පිහිටවූ කෝවිල් බාරකරුවන් දුටු තැන අත්අඩංගුවට ගෙන වහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණය වරෙන්තු නියෝගයක් නිකුත් කළේය.

මෙම කෝවිලේ බාරකරුවන්ට එරෙහිව නෙඩුන්කේණී පොලීසිය විසින් පවරා තිබූ නඩුවකට අදාළ එම පූජකවරුන් පෙනී නොසිටීම හේතුවෙන් එලෙස වරෙන්තු නිකුත් කර ඇත. මෙම හින්දු කෝවිල පිහිටුවීමෙන් පසුව එහි බාරකරුවන් පුරාවිද්‍යා නිලධාරීන් සමග විශාල ආරවුලක් ඇති කරගත් අතර පුරාවිද්‍යා නිලධාරීන් නෙඩුන්කේණී පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම ප‍්‍රදේශය සියළු දෙනාටම තහනම් කලාපයක් ලෙස අධිකරණ තීන්දුවක් ලබා දී තිබිණි.

නමුත් කෝවිලට යන බාරකරුවන් හා බැතිමතුන් පුරා විද්‍යා නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගැනීම නිසා නෙඩුන්කේණී පොලීසිය කෝවිල් බාරකරුවන් අධිකරණ නියෝග කඩ කිරීමට එරෙහිව පනවන ලද නඩුවට පෙනී නොසිටීම නිසා අධිකරණය කෝවිල් බාරකරුවන්ට දුටු තැන අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කොට තිබේ.

දිනසේන රතුගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles