මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් කපා තම බිරිඳ ඝාතනය කර එම සැමියාද ගෙල වැලලාගෙන මිය ගොස් තිබියදී ඊයේ (03දා) අලූයම සොයා ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
තියුණු කැපුම් තුවාල ලබා නිවසේ කාමරයක් තුළ ඇති ඇඳක් මත මිය ගොස් තිබුණ 38 හැවිරිදි තිදරු මවක වූ ඉරේෂා ඉවන්ති කුමාරි සහ නිවසේ සාලයේ ගෙල වැලලාගෙන මිය ගොස් තිබූ 43 හැවිරිදි ලියනආරච්චිගේ ශාන්ති සුරංජිත් යන දෙදෙනාගේ මළ සිරුරු මෙසේ සොයා ගෙන තිබේ.
මිය ගොස් සිටින දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇති වී ඇති බවත් මරණකාරිය මරණයට පත් සැමියා සමග ආරවුලක් ඇති වීමෙන් අනතුරුව දියණියන් දෙදෙනා සමග මරණකාරියගේ මවගේ නිවසට ගොස් සිටියදී මරණකරු ඉකුත් 02 වෙනිදා එම නිවසට ගොස් මරණකාරිය පමණක් ඕපාත පිහිටි නිවසට රැගෙනවිත් ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු කේසර සී. ඒ. සමරදිවාකර ඊයේ පස්වරුවේදී සිදු කරනු ලැබීය.
එම මරණ දෙකට අදාළ ස්ථාන පරීක්ෂණය සහ මළ සිරුරු දෙක නිරීක්ෂණය කළ මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා මළ සිරුරු දෙක ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත රැුගෙන යන ලෙස මිනුවන්ගොඩ පොලිසියට නියම කළේය.
මරණ දෙක සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එම මරණයන්ට හේතුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගම්පහ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත වැඩිදුරටත් නියම කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එම දේහයන් දෙක
මරණකරුවන්ගේ ළඟම ඥාතීන්ට හෝ භාරකරුවන්ට භාර දීමට කටයුතු කරන ලෙස අධිකරණයෙන් මිනුවන්ගොඩ පොලිසියට නියම කෙරිණි.
ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා සහ ගම්පහ සහකාර පොලිස් අධිකාරි (01) තුසිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ්, උප පොලිස් පරීක්ෂක මැදගම, සැරයන්වරුන් වන එල්ලාවල (56420), හේමන්ත (53174) සහ පොලිස් කොස්තාපල් දනුෂ්ක (94535) යන නිලධාරීන් වැඩිදුරටත් විමර්ශන සිදු කරන බව මිනුවන්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක අබේරත්න මහතා අධිකරණය හමුවේ පැවසීය.
- Hits: 457