Divaina - ලීසිං ගෙවාගන්න බැරි වාහන අඩුවට ගෙන චැසි අංක වෙනස් කර විකුණූ කල්ලියේ මහ මොළකරු අත්අඩංගුවට

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


බියගම - සුදත් පුබුදු කීර්ති, දෙල්ගොඩ - ඩබ්ලිව්. ඞී. එම්. විතාන

 

treeweill555
 
 හිඟ ලීසිං වාරික ඇති වාහන හිමියන්ගෙන් අඩු මුදලට එම වාහන මිලදී ගෙන චැසි අංක වෙනස් කර කූඨ ලේඛන සකස් කර විකුණන කල්ලියක මහ මොළකරු වූ හිටපු පොලිස් ආරක්ෂක සහායක නිලධාරියකු මීගහවත්ත පොලිසිය විසින් ඉකුත් 01දා අත්අඩංගුවට ගෙන ඇත.
 
 ති‍්‍රරෝද රථ හා කුඩා ලොරි රථවල උගසට තබා ඇති ලියාපදිංචි සහතික සැකකරු විසින් මිලදී ගෙන පසුව එම සහතිකවල ඇති අංක හිඟ ලීසිං වාරික ඇති වාහනවල චැසි අංක වෙනස් කර කූඨ ලේඛන සකස් කර නැවත වැඩි මුදලකට ගැනුම්කරුවන්ට විකිණීම දීර්ඝ කාලයක සිට මොහු ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කර ඇති බව පොලිසිය කියයි. ගනේමුල්ල ප‍්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි සැකකරු දිවයිනේ තැනින් තැනට පදිංචිය වෙනස් කරමින් මෙම ජාවාරම සිදු කර ඇති බවත් මොහු පොලිස් ආරක්ෂක සහායක නිලධාරීයකු ලෙස කටයුතු කර පොලිස් සේවයෙන් ඉවත් වූ අයකු බවද පොලිසිය පවසයි. යක්කල, මාවරමංඩිය, කටුනායක ප‍්‍රදේශවලින් මොහු විසින් කූඨ ලෙස සකස් කර විකුණූ ත‍්‍රිරෝද රථ දෙකක් කුඩා ලොරි රථයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර සැකකරු විසින් මෙවැනි ආකාරයෙන් සකස් කළ තවත් වාහන සහ මෙම කණ්ඩායමේ සාමාජිකයන් සොයා විමර්ශන සිදු කරන බව පොලිසිය කියයි. මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. ඒ. විමලරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන (83157* දිසානායක, (35434* සුමේද යන නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති. කූඨ ලෙස සකස් කර විකුණු ත‍්‍රිරෝද රථයක් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කළ අයුරු.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles