ඉපලෝගම - ජේ.බී. ඒකනායක
ගල්නෑව පොලිස් බල ප්‍රදේශයට අයත් නෑගම ගව ඝාතකාගාරයේ ගැබිනි එළදෙනකු මරා මස් කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලීසිය පවසයි.
නෑගම ගව ඝාතකාගාරයේ ගැබිනි එළදෙනකු මරා මස් කරන බවට පොලීසියට ලද ඔත්තුවකට අනුව වැටලීම සිදුකළ අවස්ථාවේදී එළදෙනගේ බෙල්ල කපා හම ගසා තිබූ අතර ඒ වන විට මස් තොගය දගලමින් තිබු බව ගල්නෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.ජයවීර මහතා පැවසුවේය.
පොලීසිය විසින් ගල්නෑව පශු වෛද්‍යවරයාට දැනුම් දීමෙන් පසු එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාස පහක පමණ ගැබිනි එළදෙනකු බව සනාත කර ඇත.
පොලීසිය විසින් උදරය පලා වසු පැටියා එලියට ගෙන ඇත. මුස්ලිම් ජාතිකයින් දෙදෙනකු සහ එළදෙන මැරීමට භාවිත කළ පිහි දෙකක් සහ පොරවක් අත්අඩංගුවට ගනු ලැබීය.
ගල්නෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.ජයවීර, උප පොලිස් පරීක්ෂක සංකල්ප, පොලිස් සැරයන්වරුන්වන හේරත් (42100*, මාරසිංහ (38801*, විජේරත්න (39340*, පොලිස් කොස්තාපල් ජයසුන්දර (19373* යන නිළධාරින් විසින් වැටලීම සිදුකරනු ලැබීය.
සැකකරුවන් කැකිරාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.