Divaina - සුළි සුළඟ මැද්දේ යාපනයේ නිවාස සුද්ද කරලා.. සුළිසුළං ආවොත් ආරක්‌ෂිත තැනකට යන්න අරක්‌ෂිතව එක තැනක අසුරා තිබූ රන්පවුම් 7 ක්‌ සහ 17 ක්‌ නිවැසියන් බියගන්වා පැහැරගෙන...!

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

දිනසේන රතුගමගේ
 
goldබුරවි සුළි කුණාටුව මැද යාපනයේ වැසියන් කලබලයට පත්ව සිටියදී කොල්ලකරුවන් දෙදෙනකු පෙරේදා (02 දා* යාපනයේ නිවාස දෙකකින් මුදල් හා ස්වර්ණාභරණ කොල්ල කා පලාගොස් තිබේ.
 
 යාපනයේ මනිපායී සින්නප්පා පාරේ නිවසකට ඇතුළු වූ මෙම මංකොල්ලකරුවන් දෙදෙනා පිහි පෙන්වා නිවැසියන් බියකොට රන් පවුම් හතක් හා මුදලින් රු. 50,000 ක් රැගෙන පලාගොස් තිබේ.
 
 මේ නිවසේ උදවිය සුළි සුළං පැමිණියහොත් මුදල් හා ස්වර්ණාභරණ රැගෙන ආරක්ෂිත ස්ථානයකට යෑමේ අපේක්‍ෂාවෙන් ඒවා එක තැනක තබා තිබියදී කොල්ලකරුවන් ඒවා පැහැරගෙන ගොස් තිබේ.
 
 යාපනයේ මනිපායි පොලිස් වසමේම ආනකෝට්ටෙයි ගම්මානයේ නිවසකටද පැමිණ ඇති මෙම කොල්ලකරුවන් දෙදෙනා රන් පවුම් 17 ක් හා මුදල් පැහැරගෙන ගොස් තිබේ.
 
 කොල්ලකරුවන් මහ දවල් මේ කොල්ලය සඳහා පැමිණ ඇත්තේ මුහුණු ආවරණය කොට යතුරුපැදි හිස්වැසුම්ලා වැසි කබායන්ද පැළඳ ගෙනය.
 
 මනිපායි පොලිසිය මේ සිද්ධීන් දෙකට සම්බන්ධ කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles