තම කුඹුරේ ගොවිතැන් කටයුතුවල නිරතව සිට ආපසු සිය නිවෙස බලා යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි අඹු සැමියන් දෙදෙනාට මැදිරිගිරිය, ඇටඹඔය ප්රදේශයේදී පෙරේදා (01) රාත්රි වන අලියකු පහර දීමෙන් මරුමුවට පත්වී ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මැදිරිගිරිය, මහඅඹගස්වැව, යාය 08, අංක 11 ලිපිනයේ පදිංචි සිටි එච්x බීx ඒx චමින්ද උදයකුමාර (44) සහ ඩබ්ලිව්x ජීx සංජීවනී (43) යන එක්දරු මාපියන්යx මොවුන් දෙදෙනා මැදිරිගිරිය - කන්තලේ අලූතින් ඉදිකරමින් පවතින මාර්ගයේ පේරමඩුව ප්රදේශයේ පිහිටි ඔවුන්ගේ කුඹුරේ ගොවිතැන් කටයුතු කර ආපසු සිය නිවෙස බලා යතුරුපැදියෙන් එමින් සිටියදී රාත්රී 7x00ට පමණ, වන අලියාගේ පහරකෑමට ලක්ව තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇතx මේ අඹු සැමියන් වන අලියාගේ පහර කෑමට ලක්වූ කැලෑබද මාර්ගයක් සහිත එම ප්රදේශයේ මේ දිනවල වන අලි නිතරම සැරිසරණ බවට ප්රදේශවාසීහු පවසන බව පොලිසිය සඳහන් කළේයx ඔවුන්ගේ මළසිරුරු මේ වනවිට මැදිරිගිරිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (02 දා) දිනයේ සිදු කිරීමට නියමිතව තිබිණිx මැදිරිගිරිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
කරුණාරත්න ගමගේ