දිනසේන රතුගමගේ
ධීවරයින්ගේ දැලකට පැටලී සිටි දුර්ලභ ගණයේ මෙන්ම විශාල ප්රමාණයේ කැස්බෑවන් 8 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන පසුගිය(29)දා යළි මුහුදට දමා තිබේ.
නාවික හමුදාව විසින් මන්නාරම දකුණු මුහුදු ප්රදේශයේ සිදු කළ මුර සංචාරයකදී දැලක පැටලී සිටි මෙම කැස්බෑවන් 8 දෙනා දැක තිබේ.
පසුව ධීවරයන්ගේද සහය ඇතිව එම ධීවර දැලෙහි සිරවී සිටි කැස්බෑවන් අට දෙනෙකු ආරක්ෂිතව මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කෙරිණි. වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති මෙම කැස්බෑවන් රැකගනිමින් සාගරික පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය ලබා දෙන බව නාවික හමුදාව පවසයි.
- Hits: 299