ගම්පහ ප්‍රදේශයට පසුගිය(18)දා වාහන සොරකමක් වැටලීම සඳහා ගොස් සිටි පානදුර පොලිස් කොට්ඨාශ බුද්ධි අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් කණ්ඩායමේ තවත් දෙනෙකුට කොවිඞ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරුවී ඇතැයි පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (30) පැවසීය.
වැටලීමට සහභාගිවූ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙක් සැරයන්වරයෙක් සහ රියදුරුට වෛරසය වැළඳී ඇති බවට තහවුරුවීමෙන් පසු එහි රාජකාරි නියුතු පොලිස් නිලධාරීන් 42ක් ඉකුත් 27දා පීසීආර් පරීක්ෂණවලට යොමුකළ බවත්් ඉන් නිලධාරීන් දෙදෙනකුට වෛරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.
හඳුනාගෙන ඇති නව ආසාධිතයින් දෙදෙනා අදාළ වැටලීමට සහභාගිවීිමෙන් පසු මොරොන්තුඩුව සහ මිල්ලනිය පොලිස් ස්ථානවල රාජකාරි කර ඇති බැවින් එම පොලිස් ස්ථාන දෙකද ඊයේ (30) දින සිට තාවකාලිකව වසා දමා එහි ස්ථානාධිපතිවරුන් දෙදෙනා ඇතුළුව පොලිස් නිලධාරීන් අනූවකට අධික ප්‍රමාණයක් නිරෝධායනයට ලක්කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පවතින තත්වය හමුවේ පානදුර පොලිස් අධිකාරී කාර්්‍යාලයේ සිවිල් කාර්්‍ය මණ්ඩලය ඇතුළුව 131 ක් සඳහා ඊයේ (30) පීසීආර් පරීක්ෂණ සිදුකළ බැව් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මොහොමඞ් ඉස්මි මහතා පැවසීය.
ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක - බණ්ඩාරගම