කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ වත්තල හැඳල පදිංචි ගැබිනි මවක් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී නිරෝගී දරුවකු ප්‍රසූත කර ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි යූ. ඇසින්තා මහත්මිය පවසයි.
මීට දින කීපයකට ඉහතදී වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ 32 හැවිරිදි තරුණ ගැබිනි මව ප්‍රතිකාර සඳහා කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇත.
අදාළ මව මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර දරුවාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව ද ඇසින්තා වෛද්‍යවරිය පවසා සිටියාය.
බී.ටී.කේ. - ජාඇල අතිරේක, වත්තල - සරත් චින්තක