Divaina - කතරගම ඉල්මහා මංගල්‍යයට මෙවර සීමිත බැතිමතුන් පිරිසක්

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p14 2රුහුණු මහා කතරගම දේවාලයේ ඉල් මහා මංගල්‍යය ඊයේ (29 දා) රාත‍්‍රී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

වර්ෂ අවසාන මංගල්‍යය වූ ඉල් මහා මංගල්‍යය සඳහා මෙවර ඉතා අඩු බැතිමතුන් පිරිසක් එක්විය.

ඉල්මහා මංගල්‍යය යනු රටේ ගොවි ජනයාගේ කෘෂි කර්මාන්තයට අවශ්‍ය වැසි ජලය නිසි කලට ලැබීම සඳහා දෙවියන්ගේ ආශිර්වාදය ප‍්‍රාර්ථනා කරන්නකි. මෙම ඉල්මහා පෙරහැර දුටුගැමුණු මහරජ දවසේ පටන් අඛණ්ඩව පැවැත්වූ බව රුහුණු මහා කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක මහතා සඳහන් කරයි.

ඉල්මහා මංගල්‍යයට සමගාමීව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් පැමිණි බැතිමතුන්ට ආහාර දන්සල් පවත්වා, කොරෝනා වසංගතයෙන් පීඩාවිඳි කතරගම ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනයා වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය ප‍්‍රදානය කිරීමක්ද කතරගම දේවාලය මුල් කරගෙන සිදු කරන ලදී.

කතරගම - කේ. ඞී. දේවප‍්‍රිය

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles