Divaina - ටයරය පිපිරී ලූණුගම්වෙහෙරේදී පෙරළුණු සුපිරි රියේ සිටි මුල්ලේරියාවේ අම්මායි දුවයි මියයති - මෘතදේහ සඳහා පී.සී.ආර්.

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



p14 1එකම පවුලේ පස්දෙනකු ගමන් ගත් අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මත්තල අධිවේගී මාර්ගයට පිවිසෙන ලූණුගම්වෙහෙර විසි දෙකේ හංදිය හයේ කණුව අසලදී පෙරළී යෑමෙන් සිදුවූ මාරක රිය අනතුරින් තුවාල ලැබූ මව සහ දියණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අංක 163/සී, අයි. ඞී. එච්. පාර, කොටිකාවත්ත, මුල්ලේරියාව යන ලිපිනයෙහි පදිංචිව සිටි මාකේවිටගේ ලෙටිෂියා හෙලන් විජේවර්ධන නමැති හතළිස් හත් හැවිරිදි මව සහ රසත්චිරා ඩිසානා තිසරනි නමැති ඇගේ විසි හැවිරිදි දියණියයි.

මියගිය අය පවුලේ සෙසු අය සමග බදුල්ල පස්සර දැමේරියා පාරේ පිහිටි නිවසට ගොස් ආපසු මුල්ලේරියාවේ පිහිටි දැනට ඔවුන් ස්ථිර පදිංචිව සිටින නිවසට යන අතරතුරදී 27 වැනිදා මෙම රිය අනතුර සිදුව ඇති බව ලූණුගම්වෙහෙර පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයෙහි මියගිය මව, ඇගේ ස්වාමිපුරුෂයා, පුතුන් දෙදෙනා සහ මියගිය දියණිය ගමන් කර ඇත. වැඩිමහල් පුතු මෝටර් රථය පදවාගෙන ගොස් තිබේ.

එහිදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයෙහි පිටුපස රෝදයක් එකවර පුපුරා යෑමෙන් මෝටර් රථය පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විය.

මෙම රිය අනතුරින් බරපතළ තුවාල ලැබූ මව සහ දියණිය ලූණුගම්වෙහෙර ග‍්‍රාමීය රෝහලට ඇතුළත් කරන විටත් මව මියගොස් තිබුණි. දියණිය ලූණුගම්වෙහෙර රෝහලෙන් හම්බන්තොට දිස්ත‍්‍රික් රෝහලට මාරු කර යවා ඇත. එහි ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ඇය මියගොස් තිබේ.

මියගිය මවගේ මෘත දේහය තිස්සමහරාම මෘත ශරීරාගාරයෙහි තබා ඇත. දියණියගේ මෘත ශරීරය හම්බන්තොට දිස්ත‍්‍රික් රෝහලෙහි මෘත ශරීරාගාරයෙහි තබා තිබේ.

මෙම මියගිය දෙදෙනා පිළිබ`දව සිදුකරන ලබන පී.සී.ආර්. පරීක්ෂණ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂය පවත්වන බව තිස්සමහරාම හදිසි මරණ පරීක්ෂක කේ.ජී.සී. නිරංජන් මහතා පැවසීය.

දෙබරවැව - ඒ. ඒ. පේමසිරි
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles