නුවරඑළිය - නාලක රත්නායක
කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ 28 හැවිරිදි එක්දරු පියකු තම ත්‍රිරෝද රථයෙන් ස්ථාන කිහිපයක සැරිසරමින් සිටියදී බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් එක්ව ආසාදිතයා අල්ලා හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරීමට ඉකුත් 26 දා රාත්‍රියේ කටයුතු කළහ.
ආසාදිතයා කොළඹ හෙට්ටිවීදිය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඉකුත්දා පැවති දීපාවලි උත්සවයෙන් පසු බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වත්තේ මොරා කොටසේ තම නිවසට පැමිණීමෙන් අනතුරුව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආසාදිතයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කර පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කර ඇත.
පී.සී.ආර්. වාර්තාව රැගෙන ඉකුත් 26 දා පොලිස් නිලධාරීන් සහ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ඔහුගේ නිවස වෙත යන අවස්ථාවේ ඔහු තම ත්‍රිරෝද රථයේ රියැදුරෙකුද නංවාගෙන නොර්වුඞ්, හැටන්, පුලියාවත්ත යන ප්‍රදේශවල සංචාරය කරමින් සිටියදී ආසාදිතයාට දුරකථන ඇමතුමක් ලබාදී යළි තම නිවස වෙත ගෙන්වාගෙන ඇත.
ත්‍රිරෝද රථයේ රියැදුරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ද ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර ආසාදිතයා සැරිසැරූ ස්ථාන කිහිපයක ආශ්‍රිතයන් සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය කටයුතු කරමින් සිටී.
- Hits: 288