Divaina - වැස්සත් සමග ආ සුළඟින් වැලිකන්දේ ගම්මාන දෙකක නිවාස 32 කට හානි... අපිට සල්ලි එපා ගෙවල් හදාගන්න උදව් කරන්න

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p11 2- විපතට පත් ජනතාව කියති

වැසිත් සමග හිටි හැටියේ හමාගිය තද සුළඟකින් පෙරේදා (28 දා) සවස වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 2 ක නිවාස 32 කට හානි සිදුව ඇතැයි පොලොන්නරුව දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

එහි සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා පැවැසුවේ පෙරේදා (28 දා) සවස 4.30 ත් 5.00 ත් අතර කාලය තුළ වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුතුගල හා මදුරංගල ගම්මාන හරහා මෙම තද සුළඟ හමා ගොස් ඇති බවයි. මීට අමතරව තවත් ප‍්‍රදේශ කිහිපයක ග‍්‍රාමසේවා වසම් කිහිපයක නිවාසවලට සුළු හානි සිදුව තිබෙන බවත් ඒ පිළිබඳව සම්පූර්ණ විස්තර ඊයේ (29 දා) තම ඒකකයට දැනුම් දෙන ලෙස ප‍්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇති බවත් හෙතෙම කීය. මෙම සුළං තත්ත්වය ටොනේඩෝ තත්ත්වයක් විය හැකි බවත් ඉදිරි මෝසම් සමයේ මෙවැනි සිදුවීම් බහුල විය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

p11 1වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුතුගල හා මදුරංගල  ගම්මානවල නිවෙස් 32 කට හානි සිදුව ඇතැයි වාර්තා වන බවද හෙතෙම කීය. මුතුගල හා මදුරංගල ගම්මානවල අප කළ සංචාරයේදී දැක ගැනීමට හැකි වූයේ ඇතැම් නිවෙස්වල සෙවිළි කර තිබූ ඇස්බැස්ටස් සෙවිලි තහඩු මීටර 20 ක් පමණ ඈතට සුළඟින් ගැලවී ඉගිල ගොස් ඇති බවයි. උළු වහලවලට ද මාර්ගවල ගස් කඩා වැටීම් හා නිවෙස් මතට ගස් කඩා වැටීම්ද නිරීක්‍ෂණය විය.

එම සංචාරයේදී මුතුගල සිව්දරු මවක වන පුන්‍ය මූර්ති කමලාවතී (38) සිය අත්දැකීම් මෙසේ විස්තර කළාය.

ළමයි එක්ක ගෙයි හිටියා. හතර හමාරට විතර එකපාරම මහා සුළඟක් ඇවිත් ගෙයි වහලෙ ඔක්කොම ගැලවිලා සුළඟට  ගියා. මහත්තයා කුඹුරු වැඩට ගිහින් හිටියේ. ? යන්න තැනක් තිබුණෙත් නෑ ළමයි එක්ක සීතලේ ගුලිවෙවී මුල්ලකට වෙලා හිටියා. අපට සල්ලි එපා. පුළුවන් තරම් ඉක්මනින් ගේ හදා ගන්න උදව් කරන්න. සීට් ටිකක් හරි දෙන්න. මේ වැහි කාලේ මගේ පොඩි උන් තෙමිලා ලෙඩ වෙයි ඇය හැඬූ කඳුළින් කීවාය.

මෙවැනි අහිංසක ගැමි පවුල් 32 කට මෙම සුළං තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබේ. ඔවුන් පවසන්නේ මේ දිනවල පොලොන්නරුවට මාස් මෝසම් වැසි ආරම්භ වී තිබෙන නිසා දිනපතාම සවස්වන විට වැස්ස ලැබෙන බැවින් කඩිනමින් තමන්ගේ නිවෙස්වල වහල සකසා ගැනීමට උපකාර කරන ලෙසයි.

පොලොන්නරුව - රොෂාන් තුෂාර තෙන්නකෝන්

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles