දිනසේන රතුගමගේ
ඉන්දියානු ජාතිකයින් සමග සෘජු සම්බන්ධකම් පවත්වන මන්නාරමේ ගම්මාන සියල්ල මේ වන විට හ`දුනාගෙන ඇති අතර මින් ඉදිරියට සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් පිළි නොපදින පිරිස් සිටින ගම්මාන හුදෙකලා කරන බව මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඞී. විනෝදන් මහතා පැවසීය.
මන්නාරමේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා කියා සිටියේ මන්නාරමේ ධීවරයින් මේ දිනවල ධීවර කටයුතු වෙනුවට වියළි කහ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ඉන්දීය ජාතිකයින් සමග එක්ව සිටින බවයි. මේ තත්ත්වය මන්නාරමේ පමණක් නොව සමස්ත උතුරු පළාතේම කොරෝනා රෝගය වර්ධනය වීමට විශාල සාධකයක් වී ඇති බැවින් සියලූ දෙනාගේම ආරක්ෂාව උදෙසා ගම්මාන හුදෙකලා කිරීමේ තීරණය හැරෙන්නට ගත හැකි වෙනත් ක්‍රියාමාර්ගයක් නොමැති බවද හෙතෙම කියා සිටියේය.
මේ වන විට මන්නාරමේ පට්ටිතෝට්ටම් හා පෙරියකඩෙයි යන ගම්මාන දෙක වසා දමා ඇති අතර ඉන්දීය ජාතිකයින් සමග සබ`දකම් ඇති බවට මේ වන විට අලූතින් හ`දුනාගෙන ඇති සෙසු ගම්මානවලින් කොරෝනා රෝගීන් හමු වුවහොත් එම ගම්මාන ද වසා දමන බව මෙම මාධ්‍ය හමුවේදී ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා කියා සිටියේය. මේ දිනවල උතුරු පළාතේ පවතින දැඩි සුළං සහිත කාලගුණික තත්ත්වය නිසා ධීවර කටයුතුවලට අවසර ලබා නොදීමෙන් මන්නාරමේ ධීවරයින් ඉන්දීය ජාතිකයින් සමග එක්ව නීති විරෝධී ජාවාරම්වල නිරත වන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසීය.