Divaina - කටානේ කෝටිපති ව්‍යාපාරිකයාගෙන් කොල්ලකෑ රු. තිස්දෙලක්ෂයක් බලූ කූඩුවේ සඟවලා

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මීගමුව සමූහ - විමල් කීර්ති

baluskudeකටාන අක්කර පනහ ප‍්‍රදේශයේ පදිංචි මහා පරිමාණයේ බීඩි නිෂ්පාදකයකු වූ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසට ආයුධ සන්නද්ධව ඇතුල් වී කොල්ලකෑ මුදලින් රුපියල් තිස් දෙලක්ෂ අසූතුන්දහසක් තම නිවසේ බලූ කූඩුව තුළ සඟවා තිබියදී එම සැකකරු සහ මුදල් අත්අඩංගුවට ගැනීමට කටාන පොලිසිය (29 දා* සමත් විය.

පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා පෙරවරුවේ කටාන අක්කර 50 මාවතේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුල් වූ ආයුධ සන්නද්ධ 7 දෙනකුගෙන් යුත් කල්ලිය විසින් එම ව්‍යාපාරිකයාට මරණීය තර්ජන එල්ල කොට රුපියල් කෝටි තුනහමාරකට අධික මුදල් සහ රන් අබරණ කොල්ලකා පළාගොස් තිබිණි. ඉන් අනතුරුව තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතිද්දී එප්පාවල ප‍්‍රදේශයේ සැඟව සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවසේ බලූ කූඩුව තුළ සඟවා තිබූ රුපියල් 32,43000 ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙහි විමර්ශන කටයුතු කටාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩිලාන් රාජපක්ෂ මහතා මෙහෙයවිය. වැටලීමට එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දයාන් සුජීව, සැරයන්වරුන් වන (53155* සුදත් ගුණවර්ධන, (11284* සිල්වා, (38867* රණබාහු, කොස්තාපල්වරුන් වන (82685* උදය කුමාර, (30630* දිලීප, (93442* සඳනුවන්, පොලිස් රියැදුරු (13900* චතුරංග සහ කාන්තා පොලිස් කොස්තාපල් (10727* තිළිණ යන නිලධාරීහු සහභාගි වූහ.



 

kandos18

අද දිවයින

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles