දිනසේන රතුගමගේ
කිළිනොච්චියේ භාරතීපුරම් ප්‍රදේශයේ ඉඩම් කීපයක් හරහා ජල සම්පාදන මණ්ඩලය විසින් ජල නළ එලීමට කෙරෙන සංවර්ධන කටයුතුවලට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා විරෝධය පළ කොට තිබේ.
අදාළ ප්‍රදේශයට ගිය මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කොට තිබේ. මන්ත්‍රීවරයා පවසන්නේ ජනතාවට අයත් ඉඩම් නිලධාරීන් විසින් ජල සම්පාදන මණ්ඩලයට ලබාදීම වැරදි බවත් මේ නිසා මේ සංවර්ධන කටයුත්ත නතර කොට රජයේ ඉඩම් හරහා එම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බවත්ය. කෙසේ වෙතත් දැඩි විරෝධය නිසා ජල නළ එළීමේ හා ජලය සපයා දීමේ ව්‍යාපෘතිය නතර වී තිබේ.
- Hits: 329