Divaina - කේරළ ගංජා ජාවාරම්කාරයන් අත්අඩංගුවෙන් මිදීමට නව උපක‍්‍රමයක්... යුද හමුදාවෙන් කිලෝ හතරක් කැලෑවක තිබී සොයාගනී

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


දිනසේන රතුගමගේ
 
 keralasමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත් ද්‍රව්‍ය අලෙවි කරන අලූත්ම ක‍්‍රමය හඳුනාගත් යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් වවුනියාව පම්පමඩුව යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහය මත රුපියල් ලක්ෂ දොළහකට වඩා වැඩි වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 4 යි ග‍්‍රෑම් 200 ක ප‍්‍රමාණයක් පෙරේදා (28 දා* අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මෙම කේරළ ගංජා තොගය ඉතා සුරක්ෂිතව අසුරා පම්පමඩුව රක්ෂිත වනයේ සඟවා තිබියදී යුද හමුදාව විසින් ඒවා සොයා ගෙන තිබේ. උතුරේ කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවිකරන ජාවාරම්කරුවන්ගේ අලූත්ම ක‍්‍රමය වශයෙන් අනුගමනය කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය කිසිවක් නිවෙස් තුළ තබා නොගෙන ඉතා සුරක්ෂිතව කැලයක හෝ වෙනත්  ස්ථානයක ඒවා සඟවා තැබීම බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles