Divaina - එප්පාවල පොස්පේට් නිධියෙන් පොහොර ප‍්‍රශ්නය විසඳනවා - සභාපති අනිල් රණසිංහ

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

post1සභාපතිවරුන් අලූතෙන් පැමිණි විට බොහෝ විට කරන්නේ පරණ හැව ගලෝල දාල අලූතෙන්ම පටන් ගැනීමයි. එවිට හැමදාමත් සිදුවන්නේ අලූතෙන් පටන් ගැනීමක් පමණයි. ඉදිරියට යාමක් නෑ. මගේ ප‍්‍රතිපත්තිය ඒක නෙමෙයි. මෙතෙක් සභාපතිවරුන් කරගෙන ආ තැනේ සිට ඉදිරියට කරගෙන යාමයි. ඒ අනුව ‘‘සිංගල් සුපර් පොස්පේට්’’ නිෂ්පාදන කර්මාන්තය හැකි ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරගෙන යනවා.

ගෝඨාභය රජය මගින් පොස්පේට් ආයතනයේ සභාපති තනතුරට පත්වී ඇති ඉංජිනේරු අනිල් රණසිංහ මහතා පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡුාවේදී පැහැදිලි කළේය. ඒ මහතා මාධ්‍ය හමුවකට එක් වූයේ ප‍්‍රථම වරටය.

දැනටමත් සැලසුම් කර ඇති සිංගල් සුපර් පොස්පේට් නිශ්පාදන කර්මාන්තය පටන් ගැනීම සඳහා අවශ්‍ය මූලික සම්පත් දැනට රැුස් කරමින් සිටිනවා. මූල්‍යාධාර ලබා ගන්නේ දේශීය ආයතනවලින්. රජයේ ප‍්‍රතිපත්තිය යටතේ එප්පාවල පොස්පේට් නිධිය ගෙඩිය පිටින්ම හෝ අමුද්‍රව්‍යයක් වශයෙන් හෝ පිටරටවලට විකිණීමක් සිදුවන්නේ නෑ. දේශයේ ගොවිතැනට අවශ්‍ය පොහොර පොස්පේට් නිධියෙන් නිපදවා දීමයි රජයේ ප‍්‍රතිපත්තිය. මේ අනුව සිංගල් සුපර් පොස්පේට් නිපදවීමට අමතරව පොස්පේට් මිශ‍්‍රිත කාබනික පොහොරක් නිපදවීමට කටයුතු කරගෙන යනවා. මේ වනවිටත් කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා යොදාගත හැකි පොස්පේට් ගල් කුඩු ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. දැනට පොස්පේට් ගල්කුඩු මෙට්ටි‍්‍රක් ටොන් දෙසීයක් පමණ අලෙවි වී තිබෙනවා. වැටහිරියා, පිදුරු වැනි ද්‍රව්‍ය සම`ග පොස්පේට් කුඩු මුහුකිරීමෙන් සාරවත් කාබනික පොහොරක් හදාගන්න පුළුවන් යැයි සභාපති අනිල් රණසිංහ මහතා පැහැදිලි කළේය.

තවදුරටත් කරුණු පැහැදිලි කළ සභාපතිවරයා මෙසේද පැවසීය.

දැනට අපේ නිශ්පාදන ධාරිතාවය මාසිකව මෙට්ටි‍්‍රක් ටොන් පන්දහසක් පමණ වෙනවා. ඉල්ලූම අනුව මේ ප‍්‍රමාණය මදි. මේ නිසා තැන් තැන්වල විසිරී සිටින කාර්ය මණ්ඩලය නිශ්පාදන අඩවියට යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. කොවිඞ් වසංගතය නිසා අපේ නව නිෂ්පාදන වැඩපිළිවෙළ පමා වුවත් දිනපතා ගල්කුඩු නිෂ්පාදනය කරගෙන යනවා.

එප්පාවල - රත්න බී ඒකනායක
 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles