Divaina - කහවත්තේ මනුස්සකමට කොවිඞ් පරදී...

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


කහවත්ත - සමරවීර නිරෝෂණ

kahawatta135කහවත්ත, මාදම්පේ පනාවල පාරේ පදිංචි මාළු වෙළෙන්දකු කොරෝනා ආසාදිත බවට පෙරේදා (27 දා* රාත‍්‍රි වෛද්‍ය වාර්තා ලැබී තිබිණි. ගොඩකවෙල ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ ගොඩකවෙල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රියන්ත බංඩාර මහතා මැදිහත්ව එම ආසාදිතයාගේ පුතාට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය කටයුතු එදින රාත‍්‍රියේදීම සුදානම් කළේය.

කහවත්ත, මාදම්පේ මාළු වෙළෙඳ මධ්‍යස්ථානයට සම්බන්ධව මෙම සිසුවාගේ පියා කොරොනා ආසාදිතවීම නිසා 27 රාත‍්‍රියේදීම හම්බන්තොට රෝහලට රැගෙන යනු ලැබීය. ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් අධ්‍යාපන බලධාරීන් මෙදින රාත‍්‍රියේදීම  දුරකථනයෙන් සම්බන්ධව කරගෙන සිසුවා වෙනුවෙන් හුදෙකලා පන්ති කාමරයක විභාගය ලිවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කළේය.

සිසුවා අධීක්ෂණය කිරීමට ස්වෙච්ඡාවෙන්ම ගුරුවරියක්ද ඉදිරිපත් වී තිබිණි. මෙම පුද්ගලයාට කොරෝනා ආසාදිත බව දැනගැනීමට ලැබුණේ මෙදින (27 දා* රාත‍්‍රි නවයට පමණය. පසුදින උසස් පෙළට පෙනී සිටින සිසුවා ඇතුළු එම නිවසේ අය නිරෝධායනයට යොමු කළ අතර සිසුවා විභාග මධ්‍යස්ථානයට රැගෙන යෑමේ වගකීම ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රියන්ත බංඩාර මහතා විසින් භාර ගත්තේය.

මාදම්පේ පනාවල පාරේ සිට ගොඩකවෙල දක්වා කිලෝමීටර හතක් දුර විභාග මධ්‍යස්ථානයට සිසුවා රැගෙන යෑමට අවශ්‍යව තිබුණි. එහෙත් ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ රථයේ රියැදුරු රාත‍්‍රි කාලයේදී දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට නොහැකි වු නිසා සභාපතිවරයා විසින්ම රිය පදවමින් ඊයේ 28 උදෑසන සිසුවා වාහනයේ පිටුපස අසුනක සෞඛ්‍ය ආරක්ෂිතතව තබාගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග විභාග මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබිණී. ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්වන එන්. ආර්. විපුල කුමාර, එල්. එම්. අභය ගුණසේකර යන මහත්වරුන් ද මේ සඳහා එක්වුහ.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles