Divaina - බන්ධනාගාරයට ගෙන යන රැඳවියන්ට මහමග පාර්සල් තැබූ කීරපන 21 හැවිරිදි කත රිමාන්ඞ්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ගම්පොල - සුරංග දිල්හාන්
 
 parcel135ගම්පොල අධිකරණය වෙත රැුගෙන යමින් සිටි බන්ධනාගාර රැුඳවියන්ට ගත හැකි අයුරින් සකස් කර ඔවුන් ගමන් ගන්නා මාර්ගයේ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 2 ක් තැබූ 21 හැවිරිදි කාන්තාවක් ලබන මස 5 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල දිසා විනිසුරු ශ‍්‍රිනික් විජේසේකර මහතා නියෝග කළේය.
 
 ගම්පොල කීරපන ප‍්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව විසින් ජංගම දුරකථන 2 ක්, බැටරි චාජර් හා දුම්කොළ අඩංගු පාර්සල් දෙකක් මෙසේ සකසා තිබූ අතර බන්ධනාගාර ගත වී සිටින ඇගේ සැමියාගේ උපදෙස් මත එම කාර්ය සිදු කොට ඇති බව පොලිසිය සඳහන් කරයි.
 
 මීට මාසයකට පමණ ඉහතදී බන්ධනාගාර රැඳවියන් කණ්ඩායමක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන විත් තිබූ අතර අධිකරණය වෙත ඉදිරිපත් කරන තුරු ඔවුන් රඳවා තබන ස්ථානය වෙත රැගෙන යමින් සිටියදී ඔවුන් ගමන් ගන්නා මාර්ගයේ පිහිටි නීතිඥ කාර්යාල අසල මෙම තහනම් ද්‍රව්‍ය පාර්සල් දෙක තිබී බන්ධනාගාර නිලධාරීන්ට හසුව තිබිණි.
 
 ඒ පිළිබඳව අධිකරණය වෙත දැන්වීමෙන් පසු දිසා විනිසුරුවරයා ඒ පිළිබඳව පරීක්‍ෂණයක් සිදු කරන ලෙස නියෝග ලබා දීමෙන් අනතුරුව ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික‍්‍රමරත්න මහතා විසින් එය නොවිසඳුනු අපරාධ අංශය වෙත භාර කර තිබිණි.
 
 අලූතින්ම මිලදී ගෙන තිබූ මෙම ජංගම දුරකථන ඔස්සේ පරීක්‍ෂණ සිදු කළ පොලිස් කණ්ඩායම එය මිලදී ගත් අය හෙළිකර ගැනීමෙන් පසු මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබිණි.
 
 සැකකාර 21 හැවිරිදි මෙම කාන්තාව විවාහ වී මාස 3 කි. 23 හැවිරිදි ඇගේ සැමියා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු වන අතර හෙරොයින් අලෙවි කරන්නෙක්ද වෙයි. ගම්පොල පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු 54 වගන්තිය අනුව ඔහු දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින බවද සොයා ගෙන ඇත.
 
 මොහුගේ කීම අනුව මෙම තහනම් ද්‍රව්‍ය පාර්සල් දෙක කඩා ඇත්තේ අධිකරණය වෙත රැගෙන යන අතර තුර ඔහුට ඒවා ගැනීමට පහසු වන ආකාරයටය.
 
 ගම්පොල නොවිසඳුනු අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චන්ද්‍රවංශ, උ.පො.ප. හීනටිකුඹුර, උ.පො.ප. කොබ්බෑකඩුව, පොලිස් සැරයන්වරුන් වන (6928* තිස්ස, (21580* අමිත (33128* දිසානායක (200777* පැල්පොල (56531* කොඞීස්වරන් කා. පො. කො. (8329* චමරි පො. කො. රියදුරු (80803* කුමාර මෙම පරීක්‍ෂණ සිදු කළහ. පො. සැ. (31050* වසන්ත සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles