Divaina - කොරෝනා මර්දන ගැසට් එක උතුරේ අකුරටම කි‍්‍රයාත්මක කරන්න ආණ්ඩුකාරවරියගෙන් උපදෙස්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 jaffna500



දිනසේන රතුගමගේ, මුලතිව් ප‍්‍රසන්න ප‍්‍රදීප්

කොරෝනා රෝගය මර්දනය කිරීම සඳහා රජය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් කරුණු ඒ ආකාරයෙන්ම ක‍්‍රියාවට නංවන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්.චාර්ල්ස් මහත්මිය 26 දා පොලිසියට දැනුම් දී තිබේ.

යාපනයේ කොරෝනා මර්දන කාර්ය සාධක බළකායේ විශේෂ සාකච්ඡුාවක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැති අතර ඊට ආරක්ෂක අංශ ප‍්‍රධානීහු, සෞඛ්‍ය බලධාරීහු හා පරිපාලන නිලධාරීහු සහභාගී වූහ.

යාපනය ඇතුළු උතුරු පළාතේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කර ගත හැකි මට්ටමේ පවතින බව සෞඛ්‍ය බලධාරීන් මේ සාකච්ඡුාවේ දී පෙන්වා දුන් අතර ඔවුන් කියා සිටියේ ජනතාවගෙන් මනා සහයෝගයක් ලැබෙන්නේ නම් කොරෝනා රෝග මර්දන කටයුතු එතරම් අසීරු නොවන බවයි.

මෙම කරුණු සැලකිල්ලට ගත් ආණ්ඩුකාරවරිය ගැසට් නිවේදනයේ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර නීති ආරක්ෂා නොකරන කවර තරාතිරමක පුද්ගලයකු වූවත් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව කටයුතු කරන ලෙස පොලිසියට දැනුම් දුන්නාය.

යාපනය ඇතුළු උතුරු පළාතේ කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග රැසක් පිළිබඳව මෙම සාකච්ඡුාවේ දී අවධානය යොමු වුණි. මේ වන විට විශාල තර්ජනයක් බවට පත්ව ඇති නෙඩුන්කේණී හා මන්නාරමේ තත්ත්වය පාලනය කිරීමට අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග ද මෙහිදී සාකච්ඡුාවට ගැනුණි.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles