Divaina - නිරෝධායනය වන සිසුවිය විභාගයට ගෙනියන්න ගම්පොල ත‍්‍රිරෝද බෑ කියලා.... අන්තිමේදී 1500 කට ත‍්‍රිරෝද රථයක් ගෙන්වාගෙන....

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 උඩපළාත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අයත් අපහසුතාවට
 
 ගම්පොල - සුරංග දිල්හාන්
 
 gamlol135රටේ පැතිරයමින් ඇති කොරෝනා වසංගතය සම`ග නිරෝධායනයට ලක්ව ඇති පාසල් සිසුවියකට මෙවර අ. පො. ස. උ. පෙ. විභාගය සඳහා සැමට අවශ්‍ය ත‍්‍රිරෝද රථ සේවාවක් ලබා දීමට ඊයේ (27 දා* කිසිවකුත් ඉදිරිපත් නොවූ සිදුවීමක් ගම්පොල නගරයෙන් වාර්තා වෙයි.
 
 ගම්පොල ජයමාලපුර ප‍්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යාවට විභාගය අතරතුර නිරෝධායනයට ලක්වීමට සිදුව තිබේ.
 
 මේ පිළිබඳව සොයා බැලීම් සිදුකළ ගම්පොල උඩපළාත ප‍්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය එම ශිෂ්‍යාව ගම්පොල නගරයේ පිහිටා ඇති ඇගේ විභාග මධ්‍යස්ථානය වෙත රැුගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කර තිබේ.
 
 ඒ අනුව නගරය තුළින් ත‍්‍රිරෝද රථ සේවාවක් ලබා ගැනීමට උත්සාහ කළද කිසිවකුත් ඉදිරිපත් නොවූ බව කාර්ය මණ්ඩලය මගින් ලේකම්වරිය වෙත දන්වා තිබේ.
 
 ඇය බස් රථයකින් විභාග මධ්‍යස්ථානය වෙත යැවීමද අනාරක්‍ෂිත වූ හෙයින් අවසානයේ රාජ්‍ය ආයතන සතු ත‍්‍රිරෝද රථ සේවාවක් ලබා ගැනීමට උත්සහ කළද ඒවාහි රියදුරන් අකමැති වීම නිසා එයද අසාර්ථක වී තිබේ.
 
 අවසානයේ ගම්පොලින් බැහැර කිලෝ මීටර් 20 ක් පමණ දුරින් පිහිටි පුපුරැුස්ස ප‍්‍රාදේශයේ ත‍්‍රිරෝද රථයක් සොයා ගෙන තිබුණේ රුපියල් 1500 කට පොරොන්දු මතය.
 
 ඒ අනුව මේ සඳහා මුදල් සොයා ගැනීම ගැටලූවක් වීම නිසා ප‍්‍රාදේශීය ලේකම්වරිය සැලසුම් අධ්‍යක්‍ෂවරිය ඇතුළු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැකි අය දිනකට රුපියල් 1500 බැගින් ගෙවා ත‍්‍රිරෝද රථයෙන් ශිෂ්‍යාව විභාග මධ්‍යස්ථානය කරා ගෙන යාමට කටයුතු කර තිබේ.
 
 සාමාන්‍ය ආකාරයෙන් ජයමාලපුර සිට ත‍්‍රිරෝද රථයකින් මෙම විභාග මධ්‍යස්ථානය අසලට යෑමට ගනු ලබන්නේ රුපියල් 150 කි. ගම්පොල නගරයේ ත‍්‍රිරෝද රථ 1500 ක් ඇත.
 
 මේ පිළිබඳව ගම්පොල ත‍්‍රිරෝ රථ සංගමයේ සභාපති උෂාන්ත තිලකරත්න මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ නිරෝධායනය වූවකු නොව කොරෝනා
 
 රෝගියෙකු ගෙන යෑමට කතා කළද තමා ඒ සඳහා ඉදිරිපත් වන බවත් කිහිප දෙනෙකු සිදු කර ඇති මෙම ක‍්‍රියාව නිසා සියලූ දෙනාටම චෝදනා නැගීම අසාධාරණ බවත්ය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles