Divaina - මිල්ලෑවේ එකම නිවසක දෙසොහොයුරන් සිවලකුගේ සපා කෑමට ලක්වෙලා

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Nariමිල්ලෑව, කොස්හේන ප‍්‍රදේශයේ ගෙවත්තකට කඩාවැදුණු සිවලකු විසින් එකම නිවස සොහොයුරන් දෙදෙනකු සපා කා ඇති අතර මේ හේතුවෙන් සිවලූන් සපාකෑම් සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් තුළ ඇති භීතිය තව තවත් තීව‍්‍ර වී තිබේ.

වැසිකිළියට යෑම සඳහා රාත‍්‍රි කාලයේ නිවසින් පිටතට පැමිණි තරුණයෙකු පළමුව මෙලෙස සිවලාගේ සපාකෑමට ලක්ව ඇති අතර එම තරුණයාගේ කෑගැසීම ඇසී ඔහුගේ 24 හැවිරිදි වැඩිමහළු සොහොයුරා නිවසින් පිටතට පැමිණ ඇත.

එහිදී ඔහු සිවලාට පා පහරක් එල්ලකර තම බාල සොහොයුරා බේරා ගැනීමට උත්සාහ ගනිද්දී එම තරුණයාද සිවලාගේ සපාකෑමට ලක්ව තිබේ.

පසුව වැඩිමහළු තරුණයා විසින් එල්ල කළ උදළු පහරකින් සිවලා ජීවිතක්‍ෂයට පත්ව ඇත.

ප‍්‍රතිකාර සඳහා දෙදෙනාම හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය සිවලාගේ ශරීර කොටස් පරීක්‍ෂණ සඳහා වනජීවී නිලධාරීන් විසින් රැුගෙන ගොස් තිබේ.

හොරණ - විදුර විජයනාථ

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles