Divaina - වැලිමඩ තරුණයකුගේ මළ සිරුර ගම්පොළ පැරැණි පාලම උඩ - පහර දී ඝාතනය කළැයි පොලිසිය සැක කරයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p3 1ගම්පොළ නගරයේ පැරැණි මහ පාලම මත තිබී ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයකුගේ මළ සිරුරක් ඊයේ (28 දා) අළුයම ගම්පොළ පොලිසිය විසින් සොයාගෙන ඇත.

මියගිය පුද්ගලයා ළ`ග තිබූ හැඳුනුම්පත අනුව ඔහු 37 හැවිරිදි වියේ පසුවන අතර වැලිමඩ, අඹගස්දෝව ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන වීරසිංහ මුදියන්සේලාගේ ක‍්‍රිෂාන්ත ලහිරු බණ්ඩාර නමැත්තා බව ගම්පොළ පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා සතුව මෙම මස 04 දින අනුරාධපුර තලාව පොලිසියට කරන ලද පැමිණිල්ලක පිටපතක්ද තිබී සොයාගෙන ඇත.

මොහු පෙරේදා (27 දා) දින රාත‍්‍රි 10.00 ට පමණ පැරැුණි පාලම අසළ වෙළෙඳසලකට ගිය බවට ද තොරතුරු ගම්පොළ පොලිසිය සොයාගෙන ඇති අතර අනුරාධපුර සිට ගම්පොළට පැමිණ රාත‍්‍රියේ කොළඹ සිට වැලිමඩ දක්වා දිවෙන බස් රථයකින් ගමට යාම සඳහා මෙම ස්ථානයට පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම පුද්ගලයාගේ හිසේ දරුණු තුවාලයක් ඇති අතර තවත් සුළු තුවාල කිහිපයක්ද ඇත. ඒ අනුව මෙම පුද්ගලයාට පහර දීමක් සිදුව තිබේදැයි සැක කරන බව පොලිසිය සඳහන් කරයි.

ගම්පොළ දිසා විනිසුරු ශ‍්‍රීනිත් විජේසේකර මහතා විසින් මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා සිරුර මහනුවර මහ රෝහල වෙත යවන ලෙස නියෝග කරනු ලැබීය.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශ‍්‍රියන්ත පීරිස්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය හීංකෙන්ද යන නිලධාරීන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කපිල බණ්ඩාර උ. පො. ප. අසංක, පොලිස් සැරයන්වරුන් වන 4507 බණ්ඩාර, 2846 රෝහිත, 45020 දුනුකාර යන නිලධාරීහු පරීක්‍ෂණ පැවැත් වූහ.

ගම්පොළ - සුරංග දිල්හාන්

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles