Divaina - අයියාට මන්නයකින් කොටා පැන යද්දී මල්ලී ලොරියට බිලි - ඇඳ යටට රිංගූ මව බයටම මිය ගිහින්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

death135sපවුල් ආරවුලක් මත ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු තම වැඩිමහල් සහෝදරයාට මන්නයකින් කොටා තුවාල සිදුකළ සොහොයුරා දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැටෙන් පැන පලා යන අවස්ථාවේ ලොරියකට යටවී මියගොස් ඇත. ගැටුම සිදුවන අවස්ථාවේදී බියට පත්වී ඇඳක් යට රිංගා ඇති ඔවුන්ගේ මවද බයටම මියගොස් ඇති බව මතුගම පොලිසිය කියයි.

මතුගම නවුත්තුඩුව අලූත්ගම්ගොඩ ප‍්‍රදේශයේදී පෙරේදා (27 දා) රාති‍්‍රයේ සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ විතානගේ සුමනාවතී සහ ජී. ජී. අයි. උපුල් කුමාර යන මව සහ පුත‍්‍රයායි.

මන්නා ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ ගයාන් පුෂ්පික නමැත්තා කළුතර  නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සිද්ධියේදී බියට පත්වී නිවසේ ඇඳක් යටට රිංගා ඇති මවද

මියගොස් තිබූ අතර ඇයගේ සිරුරේ තුවාල කිසිවක් දක්නට නැති බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් මතුගම පොලිසිය මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳ මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණ ඊයේ (28 දා) පැවැත්වීමට නියමිතව තිබුණි.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් මත මතුගම මූලස්ථාන ප‍්‍ර.පො.ප. පරාක‍්‍රම උඩවත්ත මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles