Divaina - ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණෙද්දී ව්‍යාජ දේශපේ‍්‍රමී ‘මයික් පිම්පියෝ’ කටවල් වසාගෙන හැංගිලා

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්
 
 ගෝඨාභය රාජපක්ෂ අත්සන් කළ ඇක්සා ගිවිසුම  රටේ ස්වෛරීත්වයට බරපතළ තර්ජනයක්
 
 සිරිමන්ත රත්නසේකර

 

viji555
 
 ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණෙද්දී මෙහි සිටින ව්‍යාජ දේශපේ‍්‍රමී ‘මයික් පිම්පියෝ’ ටික කටවල් වසාගෙන හැංඟිලා යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (27 වැනිදා* සඳහන් කළේය.
 
 මේ වනවිට ඇමරිකානු එක්සත් ජනපදය අප රටට එරෙහිව ඉතාමත්ම ප‍්‍රබල ලෙස මැදිහත් වෙමින් ක‍්‍රියාත්මකව ඇති බවත් එම බලහත්කාරයට මෙරට සැබෑ දේශපේ‍්‍රමී ජනතාව ඉඩ නොතබන බවත් හෙතෙම අවධාරණය කර කියා සිටියේය.
 
 ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (27 වැනිදා* එම අදහස් පළ කළේ එම පක්ෂය විසින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සංවිධානය කර තිබූ නිහඬ විරෝධතාවක් අතරතුර මාධ්‍ය අමතමිනි.
 
 ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ මෙරට සංචාරයට විරෝධය පළ කරමින් ‘ශ‍්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අත නොතබනු !, ශ‍්‍රී ලංකාවට විදේශ බලපෑම් එපා !’ ලෙස දන්වමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
 
 මෙම විරෝධතාව අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වන නලින්ද ජයතිස්ස, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත සංදේශයක් ද ඉදිරිපත් කිරීමට කටයුතු කළහ.
 
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා :-
 
 ඒකාධිපති බලය සහිත විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණේ පසුගිය විසි දෙවැනිදා. ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය තම රටේ රාජ්‍ය ලේකම් මෙරට සංචාරයට එන බව නිල වශයෙන් දැන්වූයේ ඊට පසු දින එනම් විසි තුන්වැනිදා. මේ අනුව ඉතාම පැහැදිලි වන දෙයක් තමයි මේ දෙක අතර අන්තර් සම්බන්ධතාවක් පවතින බව.
 
 ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණෙන්නේ නිකම්ම නෙවෙයි. ඔහු මෙම කලාපයේ සංචාරය කරන්නේ ආසියානු කලාපය මෙහෙයවීමටයි. ඔහු ලංකාවට පැමිණීමට ප‍්‍රථම ඉන්දියාවට ගොස් ආර්ථික සහ ආරක්ෂක ගිවිසුම්වලට අත්සන් කරනවා. මාලදිවයිනට සහ ඉන්දුනීසියාවට යන්නේ ඒ හේතුව මත කියනවා. ඒ අනුව මෙරට ආණ්ඩුව කුමක් කීවත් අමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණෙන්නේ එවැනි ගිවිසුම්වලට එළඹීමටයි.
 
 ජී. එල්. පීරිස් මහතා මේ පිළිබඳ විමසීමේ දී සඳහන් කරන්නේ ගෙදර යන ගමන් ඔහු එන බවයි. මේ ගෙදර යන ගමන් පලතුරු මල්ලක් අරන් එන ගමනක් නෙමෙයි. ඔවුන් ලංකාවට එන්නේ ලෝක බලවතුන්ගේ බල අරගලයේ ගොදුරක් බවට අප රට පත් කර
 
 ගැනීමටයි. මයික් පොම්පියෝ ඉන්දියාවේ දී පැහැදිලිව සඳහන් කළේ චීනයේ තර්ජනයට එරෙහිව නිදහස් ආසියානු කලාපයක් ගොඩනැඟීමට මෙම කලාපයේ සංචාරය කරන බවයි.
 
 අද වනවිට මෙරට ආණ්ඩුව ඇමරිකාවේ බලපෑමට යට වෙලා අවසන්. කොරෝනා වෛරසය ඇමරිකා එක්සත් ජනපදයේ ලක්ෂ අසූඅටකට ආසාදනය වී තිබෙනවා. ජනතාව දෙලක්ෂ තිස්දහසක් මියගිහින්. නමුත් කිසිදු කොරෝනා නීතියක් අනුගමනය නොකරමින් ඇමරිකානු සොල්දාදුවෝ විශාල ගණනක් පොම්පියෝ මහතා මෙරටට පැමිණීමට ප‍්‍රථම මෙහි පැමිණියා. ඔවුන් රාජ්‍ය තාන්ත‍්‍රික නීති රීති පවා උල්ලංඝනය කරමින් කටයුතු කරනවා.
 
 ඇත්තටම මෙවැනි ගමනක් එද්දී වෙනත් රටකට එරෙහිව පැමිණෙන බවක් සඳහන් කරන්නේ නැහැ. නමුත් ඇමරිකානු එක්සත් ජනපදය ඉතාම නිර්ලජ්ජිත ලෙස චීනයට එරෙහිව එම තර්ජනයට මුහුණ දෙන්න එන බව කියා සිටියා. මේ අනුව ඔවුන්ගේ මෙහි පැමිණීම ඉතාම පැහැදිලියි. නමුත් ආණ්ඩුව ඒ බව ජනතාවගෙන් වසන් කරනවා.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දැරූ 2007 වසරේ දී ඇක්සා ගිවිසුම අත්සන් කරනවා. මෙම ගිවිසුම අප රටේ ස්වෛරීත්වයට මේ වන වන විට බරපතළ තර්ජනයක් වෙලා අවසන්. ඒ වගේම 1995 වසරේ ගෙනා සෝපා ගිවිසුමේ දෙවැනි පියවර අත්සන් කරන්න දැන් සාකච්ඡුා වෙමින් තිබෙනවා. ජනාධිපතිවරණ සමයේදී එම්සීසී ගිවිසුම අත්සන් නොකරන බවට බොරු දේශපේ‍්‍රමීන් මහලොකුවට පුරාජේරු ගැහුවා. නමුත් එය අත්සන් නොකරන බවට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නිල වශයෙන් මේ වනතෙක්ම ප‍්‍රකාශ කර නැහැ. මේවා ගැන සාකච්ඡුා කිරීමටයි පොම්පියෝ එන්නෙ.
 
 මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය අප රටට එරෙහිව දැඩිව ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා. නමුත් බොරු දේශපේ‍්‍රමීන් ඒ ගැන දැන් කිසි කතාවක් නැහැ. මයික් පොම්පියෝ මෙරටට එන විට මෙහෙ ඉන්න ‘මයික් පිම්පියෝ’ කටවල් වසාගෙන හැංගිලා.
 
 සැබෑ දේශපේ‍්‍රමී ජනතාව, රටට ආදරය කරන ජනතාව ඇමරිකානු අධිරාජ්‍යවාදී මැදිහත්වීමට විරුද්ධයි. ලෝක බලවතුන්ගේ බල අරගලයේ ගොදුරක් බවට අප රට පත් වෙනවාට විරුද්ධයි. එම විරෝධතාව ප‍්‍රකාශ කරන්නයි අද අපි මෙම විරෝධතාවය සිදු කරන්නේ.
 
 මෙම නිහඬ විරෝධතාව ලෝක බලවතුන්ගේ බල අරගලයේ ගොදුරක් බවට ලංකාව පත් කර ගන්නවාට එරෙහිවයි. මෙම තත්ත්වය එය තත්ත්වයෙන් රට මුදවා ගන්නා ලෙස අප ආණ්ඩුවට බලකර සිටිනවා. ඒ වගේම අප ඇමරිකා එක්සත් ජනපදයට කියන්නේ අප රට ලෝක බලවතුන්ගේ ගොදුරක් බවට පත් නොකරන ලෙසයි. මේ බලහත්කාරයට මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැ. මෙය පැහැදිලිවම මේ රටේ සැබෑ දේශපේ‍්‍රමී ජනතාවගේ විරෝධයක්. අප නියෝජනය කරන්නේ එයයි.
 
 මෙම විරෝධතාවය සඳහා මහා සංඝරත්නය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles