Divaina - නොබැඳි විදේශ ප‍්‍රතිපත්ති අනුගමනය කරන රටක රාජපක්‍ෂ පාලකයන් චීනයට ලැදි වෙද්දී ඇමරිකාවට යටත් වෙලා

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අකිත පෙරේරා
 
nalins222මෙරට නොබැඳි විදේශ ප‍්‍රතිපත්තියක් ඇති රටක් වුවද මේ වන විට රාජපක්‍ෂ පාලකයන් චීනයට අනවශ්‍ය ලැදිභාවයක් මෙන්්ම ඇමරිකාවට අධික යටහත් පහත් ගතියක් පෙන්නුම් කරන බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා පැවසීය.
 
 විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (27 දා* පැවැති මාධ්‍යය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
 
 කොවිඞ් තත්ත්වය දැන් අපේ රටේ බරපතළයි. රෝහල්වල අද ධාරිතාවය ඉක්මවලා ගිහින්, නිවෙස්වල සිට නිරෝධායනය කරන තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.
 
 මේ වන විට කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ජනතාව ඉතාමත් අන්ත අසරණ වෙලා. ඒ අයට රජය සහන දෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව මේ කොවිඞ් වසංගතයට ප‍්‍රමුඛතාව දෙන්නේ නෑ. ඒ නිසා මේ තත්ත්වය බරපතළ වෙලා. ව්‍යාපාරිකයන් අද කබලෙන් ළිපට වැටිලා. ඒ නිසා ඒ අයට දුන්නු ණය සහනය දීර්ඝ කරන්න කියලා අපි ඉල්ලනවා.
 
 එදා පොම්පියෝ මහත්තයා මේ රටට එනකොට විමල් වීරවංශ මහත්තයා කෑ ගහපු විදිය අපිට මතකයි. ඒත් අද කෝ විමල්. ඔහුව සොයා දෙන කෙනකුට මම පංචායුදයක් තෑගි දෙනවා. ඒ වගේම රාජ්‍ය ඇමැතිනී සීතා නෝනා එදා කිව්ව මේ රට සුද්ද කරන්නම තමයි එන්නේ කිව්වා. ඒ නෝනා ඉන්න තැන කිව්වෝත් ටෝච් එකකුයි, කුඩයකුයි තෑගි වශයෙන් ලබා දෙනවා. ඒ වගේම ගම්මන්පිළ මහත්තයත් දැන් සද්ද නෑ. එතුමාව ඉන්න තැනකින් සොයා දුන්නොත් ඔස්ටේ‍්‍රලියානු ඩොලර් 1000 ක් විතර තෑගි දෙන්න බලාපොරොත්තු වෙනවා.
 
 මේ සිංහයෝ අද බලූ වෙලා. මේ අය මයික් පිම්පියෝ සහ මයික් පම්පෝරියෝ වෙලා ඒ සියලූම දෙනා අද හොයා ගන්නත් නෑ. රට අනතුරේ කියපු අය අද සොයා ගන්නත් නෑ. අර තිස්ස ජනනායක මහත්තයා ලංකාව මැද්දෙන් ඉරක් ඇඳලා බොරු
 
 ගොඩක් කිව්වා. එතුමවත් අද හොයාගන්නත් නෑ. මේ ඇමරිකාවේ අය ලංකාවට එන්නේ මොකටද කියලා කියන්නේ නෑ. ඒ නිසා මේ අය බිල්ලෝද කියන සැකය ජනතාවට තිබෙනවා. අපි කියන්නේ අපි නොබැඳි ප‍්‍රතිපත්තිය තමයි අනුගමනය කරන්න ඕනේ. අපිට ඇමරිකාව වගේම චීනයත් ඕනේ. නමුත් රාජපක්‍ෂලා චීනයට ලැදිභාවයක් තිබෙනවා. ඒ වගේම ඇමරිකාවට යටහත් පහත් ගතියක් පෙන්නුම් කරනවා.
 
 එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. මරික්කාර් මහතා :
 
 මහ මැතිවරණයේ නාම යෝජනා භාරගන්නා තෙක් මේ ආණ්ඩුව ගුවන් තොටුපළ විවෘතව තබා ගත්තා. එමගින් රටට කොරෝනා ඇතුළුවුණා. එදා හමුදාවේ, පීඑච්අයි මහත්තුරු, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන්ගේ දක්ෂතාව නිසා අපිට ඒ මුල් රැුල්ල මැඬ පවත්වගන්න හැකිවුණා. මේ ව්‍යසනය ඇතිවුනු විට අපි කිව්වා අහඹු ලෙස පීසීආර් පරීක්‍ෂණ කරන්න කියලා.
 
 නමුත් ආණ්ඩුව ‘‘අපි තමයි මේක මර්දනය කරපු ලෝකෙන් දෙවැනියා’’ කියලා උදම් ඇනුවා. දැන් අද වන විට දෙවැනි රැුල්ල ඇවිත් සමාජගත වෙලා. ප‍්‍රතිශතයක් විදිහට සමාජ ගතවූ රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටක් බවට අපේ රට පත්වෙලා තිබෙනවා.
 
 අපි ආණ්ඩුවට කියන්න කැමතියි මේ තත්ත්වය පාලනය කරන්න විධිමත් පියවර ගන්න කියලා. දැන් පළමු ආසාදිතයා නිවසේම නිරෝධායනය කරන තත්ත්වයට පත්වෙලා. මගේ ආසනේ අය ඉන්නවා පෑලියගොඩ මාළු ගන්න ගිය අය. ඒ අයව දැන් නිවසේම තියාගෙන නිරෝධායනය කරනවා. පීසීආර් කරන්නේත් නෑ. මොනවාද මේ ආණ්ඩුව දැන් කරන්නේ. ඇත්තටම මේ රටට කොරෝනා බෝ කළේ මේ ආණ්ඩුවයි. ඒ නිසා ආණ්ඩුවට දැන් වගකීමක් තිබෙනවා මේ බෝ කරපු කොරෝනා නැති කරන්න.
 
 කොළඹ නගරයේ ප‍්‍රදේශ කිහිපයකටම නිරෝධායනය ඇඳිරි නීතිය දාලා අද වන විට සතියක් ගත වෙනවා. නමුත් තවම රුපියල් 5000 දීමට ආණ්ඩුව කි‍්‍රයා කර නෑ. කිසිසේත්ම මේ 5000 දීම ප‍්‍රමාණවත් නෑ. නමුත් ඒ මුදල හරි දෙන්න. මේ කොළඹ ජීවත් වන අය බොහෝවිට පොකුරු වශයෙන් ජීවත් වෙන්නේ. පවුල්වල අට දහය ඉන්නවා. ඒ වගේම ඒ අය එදිනෙදා ආදායම්වලින් ජීවත් වන අය. ඒ නිසා මේ අයට කන්න විදිහක් නෑ. මේ ජනතාව රැුක බලාගෙන ආහාර වේලක් ලබා දෙන්න කිසිම වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නෑ. ඒ නිසා ආණ්ඩුවට අපි බල කරනවා ජනතාව
 
 බඩගින්නේ තියන්නේ නැතුව ඒ අයට 5000 දීමනාව දෙන්න.
 
 අද පොම්පියෝ මේ රටට එනවා. ඒ අය අපිට ආදරයටද මේ එන්නේ. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙද්දී ඇයි මෙහෙම ඒ අය මෙහේ එන්නේ. ඇමැරිකාව චීනෙටත් ණයයි. එහෙනම් ඒ අය මෙහෙට එන්නේ අපිට දෙන්න නොවෙයි. අපේ සම්පත් ටික සූරාගෙන කන්නයි. අපි කියන්නේ පොම්පියෝ ආවට කමක් නෑ, ඒත් අපේ ජනතාව පිම්පියෝ කරන්න එපා කියලයි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles