චමින්ද සිල්වා
කොවිඞ් තත්ත්වය හමුවේ ඇතැම් යූටියුබ් චැනල් මෙහෙයවන්නන් දරුවන් ඉලක්ක කරගෙන අසභ්‍ය වීඩියෝපට නැරඹීමට අවස්ථාව ලබාදී ආදායම් ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව පෙනී යනවා යැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා ඊයේ (27 දා* පැවසීය.
මේ දිනවල දරුවන් බොහෝ ප්‍රමාණයක් නිවෙස්වල සිටින අතර, ඒ හේතුවෙන් බොහෝමයක් දරුවන්
ඉගෙනුම් ක්‍රියාවලියෙන් සහ වෙනත් පරිබාහිර කටයුතු සිදුකර ගැනීමට වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිත කිරීමට යොමුව තිබෙන බව ද ඒ මහතා කීය.
මෙය අවස්ථාවක් කරගනිමින් ඇතැම් යූටියුබ් මෙහෙයවන්නන් ආදායම් ඉහළ නංවා ගැනීමට අසභ්‍ය සිංහල වීඩියෝපට බොහෝමයක් මුදාහැර තිබෙන බව පෙනි යන බව නිරීක්ෂණය වූ බව ද ඒ මහතා අවධාරණය කර සිටියේය.
මෙලෙස ළමුන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය අන්තර්ගතයන් යූටියුබ් වෙබ් අඩවියට මුදාහරින යූටියුබ් නාලිකාවන් නවයක් මූලික වශයෙන් හඳුනාගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.