Divaina - බිරිඳ පදවාගෙන පැමිණි කාර් එකට පැන්න සැමියා මරුට

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 
 සිය බිරිඳ පදවාගෙන පැමිණි මෝටර් රථයට පැනීමෙන් සිදුවූ අනතුරකින් සැමියා 21 දා මරුමුවට පත්ව ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
 
 මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස් ඕවිට, වෙලකුඹුර පාරේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකි.
 
 මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටි මෙම පුද්ගලයා හා බිරිඳ අතර නිතර පවුල් ආරවුල් හටගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ද විටින් විට පොලිසියට බිරිඳ විසින් පැමිණිලි කර ඇතැයි පැවසෙයි.
 
 මියගිය අය බිරිඳට කළ පහරදීමක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතින බව පොලිසිය කියයි.
 
 මේ අතර 20 වැනිදා රාත‍්‍රි මෙම පුද්ගලයා බිරිඳ සමග බහින්බස් වී ආරවුලක් ඇතිකරගෙන තිබේ. අනතුරුව ඇය ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා සිය මෝටර් රථයෙන් පොලිසියට ගොස් තිබේ.
 
 මේ ගැන දැනගත් සැමියා ඒ සම්බන්ධයෙන් කෝපයට පත් වී බිරිඳ නිවසට පැමිණෙන පොල්ගස් ඕවිට, වෙලකුඹුර මාර්ගයේ වෙල්යාය මැද බෝක්කුවක් මත අඳුරේම රැුකවලා හිඳ තිබේ.
 
 ඒ අනුව පොලිසියට ගිය බිරිඳ මෝටර් රථයෙන් වෙල්යාය මැද මාර්ගයේ එන අතරතුරදී මඟ
 
 රැුකවලා සිටි සැමියා මෝටර් රථයට පැන තිබේ.
 
 එම අනතුර සිදුවීමත් සමග මෝටර් රථය පැදවූ කාන්තාව නොනවත්වාම පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳව එම නිලධාරීන්ට දැනුම් දී ඇත.
 
 පසුව පොලිසිය අනතුර සිදුවූ ස්ථානයට ගොස් අනතුරට පත් පුද්ගලයා වෑතර රෝහලට ඇතුළත් කර තිබේ. පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කළුබෝවිල මහ රෝහල කරා රැුගෙන යන අතරතුරදී මියගොස් තිබේ.
 
 මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. ඇය කැස්බෑව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
 කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක තුසිත වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles