Divaina - බිරිඳට පහර දී දිවි නසා ගන්න හැදූ සැමියා ලණුව කඩාගෙන බිම වැටෙයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ගාල්ල ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි
 
 බිරිඳ සමග දබර වී බිරිඳට පහරදී තුවාල සිදුකර නිවසේ දී ගෙල වැලලා ගෙන සිය දිවි හානිකර ගැනීමට තැත් කළ තිදරු පියකු කඹය කැඞී බිම ඇදවැටී තුවාල ලබා (22 දා* දහවල් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
 
 මෙම තිදරු පියාගේ පහරදීමකට ලක්වී කැපුම් තුවාල ලැබූ බිරිඳ ද කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබන්නීය. මොහු බිරිඳට පහර දී නිවසේ දී ගෙල වැලලා ගැනීමට තැත් කිරීමේදී කඹය කැඞී බිමට වැටී ඇති බව පොලිසිය පවසයි.
 
 මෙම අඹුසැමි යුවළ මිලිද්දුව වෙලගෙවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සියදිවි හානිකර ගැනීමට තැත් කළ සැමියා 58 හැවිරිදි වියේ පසුවන අයෙකි. මොහු සහ බිරිඳ අතර දැනට වසර ගණනාවක සිට පවුල් ආරවුල් පැවැතී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
 
 ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles