Divaina - බේරුවල ධීවර වරාය වසාදමයි ... ධීවරයන් විසිදෙනකුට කොරෝනා.... මාළු ගැනීමට පැමිණි 700 කට පී.සී.ආර් අලුත්ගම මාළු වෙළෙඳ සැලක්‌ වසයි!

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අ`ගුරුවාතොට - මංගල ප්‍රසන්න

beruwala33
 
 මාළු වෙළෙඳාමේ නිරත ධීවර ප්‍රජාව කොරෝනා වසංගතයට ගොදුරු වෙමින් පවතින නිසා කළුතර දිස්‌ත්‍රික්‌කයේ බේරුවල සහ කළුතර බල ප්‍රදේශ දැඩි අවදානම් තත්ත්වයට මුහුණ දී ඇතැයි කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. සිංහබාහු මහතා පැවසීය.
 
 පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙඳපොළ සහ සම්බන්ධ වූ බේරුවල ධීවර වරායේ සේවකයින් 100 දෙනකු  22 වැනි දින පී.සී.ආර් පරීක්‍ෂණවලට ලක්‌ කළ බවත් එයින් 20 දෙනෙකු ඊයේ (23දා) වන විට ආදාසාදිතයන් බවට හඳුනාගත් බවත් ආර්. සිංහබාහු මහතා පැවසීය.
 
 මේ අනුව කළුතර දිස්‌ත්‍රික්‌ ලේකම්, කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරීවරයා සහ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු කමිටුවක්‌ එක්‌ව ගත් තීරණයක්‌ අනුව බේරුවල ධීවර වරාය වසා දැමූ බවද හෙතෙම පැවසීය.
 
 අලුත්ගම නගරයේ ප්‍රධාන මත්ස්‍ය ව්‍යාපාරිකයකුට ද පසුගියදා කොවිඩ් වැළඳුණු බවට ඊයේ (23දා) තහවුරු වීම නිසා අලුත්ගම නගරයේ මත්ස්‍ය වෙළෙඳ පොළ ද වසා දැමීමට තීරණය කළ බවද ඔහු පැවසීය.
 
 තවදුරටත් අදහස්‌ දැක්‌වූ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා ඊයේ උදැසන (23දා) මාළු මිලදී ගැනීම සඳහා මේ වනවිට 700 ක පමණ පිරිසක්‌ බේරුවල ධීවර වරාය පරිශ්‍රයට පැමිණ තිබෙන බවත් ඔවුන් සියලු දෙනාවම එහි රඳවාගෙන මේ වන විට පී. සී.ආර් පරීක්‍ෂණ සිදුකිරීමට කටයුතු කරන බවත් පැවසීය.
 
 පසුගිය දෙසතියක පමණ කාලය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට සහ බේරුවල ධීවර වරායට ගිය අය වෙත්නම් නොපමාව ළ`ගම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා වෙත යොමුව පී.සී.ආර් පරීක්‍ෂණයට පෙනීසිටින මෙන්ද කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සිංහබාහු මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles